Gossip

TU–154 රුසියානු ගුවන් යානය අතුරුදන්! කළු මුහුදට කඩා වැටී ඇති බවට තොරතුරු (ඡායාරූප)

untitled-1
පුද්ගලයින් 100 දෙනෙකුට ආසන්න පිරිසක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

අද (25) පෙරවරුවේ මෙම ගුවන් යානය ගුවන් ගත වීමෙන් පසු රේඩාර් පථයෙන් නොපෙනී ගොස් ඇති බව විදෙස්  වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ  ගුවන් යානය සිරියාවට ගුවන් ගත වූ බවට නිල නොවන වාර්තා පෙන්වා දෙන බවයි.

333

මේ අතර අතුරුදහන් වූ මෙම රුසියානු ගුවන් යානය කළු මුහුදට කඩා වැටී ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරනවා.
TU – 154 දරණ මෙම ගුවන් යානයේ ගමන් කරලා තියෙන්නේ රුසියානු යුද හමුදා ගීතිකා කණ්ඩායමක් සහ මාධ්‍ය වාර්තාකරුවන් කණ්ඩායමක් කියලයි වාර්තා වෙන්නේ.

ඒ සිරියාවේ ලටකියා ප්‍රදේශයට බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත්තේ මෙම කණ්ඩායම නව අවුරුද්ද සඳහා විශේෂ වැඩසටහනකට එක් වීමේ අරමුණින් පියාසර කළ බවයි.

222

යානය ගුවන් ගත කර මිනිත්තු 20කට පමණ පසු කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ දී එය රේඩාර් තිරයෙන් අතුරුදන් වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයද ප්‍රකාශ කරලා තියෙනවා.

අදාළ ගුවන් යානයේ මගීන් 83 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකු ගමන් කරලා තියෙනවා.

රුසියාවේ සෝචි ගුවන් තොටුපොළේ සිට සිරියාවේ ලටකියා ප්‍රදේශයේ රුසියානු හමුදා මූලස්ථානයක් වෙත එය ගමන් කරමින් තිබු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

යානය අතුරුදන් වු ප්‍රදේශය ආශ්‍රිතව  සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී එය කළු මුහුදට කඩා වැටී ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!