Gossip

ප්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි, නිවාස හා ගොඩනැගිලි රැසක් කඩාවැටෙයි

ඉන්දුනීසියාවේ ජාවා දූපත වෙරළාසන්නයේ රිච්ටර් පරිමාණයේ 6.5 ක ප්‍රබල භූ කම්පනයක්  ඇතිවී තිබෙනවා.

මේ භූ කම්පනය ජකර්තා අගනුවර සිට කිලෝමීටර් 300 ක් පමණ දුරින්  ඇති නගරවටා බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි රැසක් මේ නිසා කඩා වැටිලා තියෙනවා. ජිවිත හානි ප්‍රමාණය තාමත් වාර්තා වෙලා නෑ.

භූ කම්පනය සමඟ ජාවා දුපතේ වෙරළ ආසන්න ප‍්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දා සුමාත‍්‍රාවේ අචේ ප‍්‍රදේශයේ සිදුවු භූ කම්පනයකින් පුද්ගලයන් සියයකට අධික පිරිසක් මිය ගියා.

2004 අවුරුද්දේ ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයට හේතු වුනෙත් ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපත් වල  සිදුවූ භූකම්නයක්.

අද සිදුවූ මේ භූමිකම්පාවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!