Gossip

“තොල් පෙති අතරින්“ කාම චිත‍්‍රපටය හැදුණු හැටි

cvr
පසුගියදා ආන්දොලනයට තුඩු දුන් ලංකාවතුල නිෂ්පාදනයවූ කාම චිත‍්‍රපටිය පිළිබදව නවතම තතුවිත්ති මෙසේය.

ලෝකයේ පළමුවැනි කාම චිත‍්‍රපටය නිපදවන ලද්දේ එක්‌දහස්‌ අටසිය අනූහය වර්ෂයේදීය. එහි අධ්‍යක්‍ෂවරුන් වූයේ ප‍්‍රංශ ජාතිකයන් දෙදෙනෙකි. එම කාම චිත‍්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය මිනිත්තු හතකි. සුරූපී තරුණියක්‌ නාන කාමරයට වැද ස්‌නානයට පෙර ඇඳුම් මාරු කරන අයුරු එහි තිබුණි. නිල වශයෙන් එලෙස ඇරැුඹි කාම චිත‍්‍රපට නිපදවීම වර්තමානය වන විට හිනිපෙතෙහි ඉහළටම නැඟ තිබේ.

ශ‍්‍රී ලංකාවට මුල්වරට කාම චිත‍්‍රපට ගෙනෙන ලද්දේ ඉංග‍්‍රීසි ජාතිකයන් විසිනි. ඒ දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේදීය. එලෙස ඔවුන් කාම චිත‍්‍රපට ගෙන්වන ලද්දේ මෙරට යුද කඳවුරුවලට ගෙනවුත් දමන ලැබ සිටි බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ට නැරැුඹීම පිණිසයි. කළු සුදු වර්ණවලින් තනන ලද මෙම චිත‍්‍රපට මිලිමීටර් අටක්‌ පළල කුඩා දළ සේයාපටවලට නඟා තිබුණු අතර කුඩා ප්‍රොජෙක්‌ටර් යන්ත‍්‍ර මගින් සුදු බිත්ති මතට විදා හැරුණි.

සුද්දන් මෙන්ම කළු අප‍්‍රිකානු (කාපිරි* සෙබළුද එකල මෙම කඳවුරුවල සිටියේය. එහෙත් කළු අප‍්‍රිකානුවන්ට එම කාම චිත‍්‍රපට නොපෙන්වන ලදී. එයට හේතුව වශයෙන් කියා සිටියේ හැඩිදැඩි උස කාපිරි මිනිසුන් ඒවා නරඹා කාමාග්නිය අවදිකර ගතහොත් සිංහල ගම්මානවලට පැන තරුණියන් ¥ෂණය කිරීමට ඉඩ ඇති බවයි. මෙවැනි වාතාවරණයක්‌ තිබියදී එක්‌තරා තැනක සුද්දන් පිරිසක්‌ කාම චිත‍්‍රපට නරඹද්දී බීමත් කාපිරි සොල්දාදුවන් සමූහයක්‌ එතැනට බලෙන් කඩාවැදී චිත‍්‍රපට නරඹන්නට වූහ. පසුව එය රණ්‌ඩුවක්‌ බවට පත්වී අවසන් වූයේ කුඩා කැරැුල්ලකිනි. සුද්දන්ට කාම චිත‍්‍රපට පෙන්වීම එතැනින් නිම විය.

එයින් පසුවද ලංකාවේ විවිධ තැන්වල මිලිමීටර් අටේ දළ සේයාපට මගින් විදේශික කාම චිත‍්‍රපට පෙන්වන ලදී, නමුත් ඒවා සියල්ලම පාහේ සිදු වූයේ ඉතාමත් රහසිගතවයි. ජනගහන වර්ධනය, නාගරිකය පුළුල්වීම, ලිබරල් චින්තනය වැනි කාරණා නිසා 1977 වන විට කාම චිත‍්‍රපට පෙන්වීම ක‍්‍රමයෙන් වැඩිවිය. 1977 න් පසු රට තුළට ප‍්‍රවාහයක්‌ මෙන් එන්නට පටන්ගත් වීඩියෝ යන්ත‍්‍ර, වීඩියෝ කැසට්‌ නිසා ඉදිරි වසර කිහිපය තුළ තත්ත්වය වඩාත් නරක අතට හැරුණි. ඒ අනුව කොළඹ නගරයේ සෑම මුඩුක්‌කුවකම පාහේ කාම චිත‍්‍රපට ගුබ්බෑයම් ඇතිවිය.

ලෝකයේ බොහෝ රටවල සංවිධානාත්මක කාම චිත‍්‍රපට කර්මාන්තයක්‌ තිබේ. ඇතැම් රටවල මේ කර්මාන්තය තහනම් වුවද ඇතැම් රටක සියයට සීයක්‌ම නීත්‍යනුකූල වේ. මෙය වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක්‌ උපදවන නළු නිළියන් සහ කාර්මිකයන් මිලියන ගණනක්‌ ජීවත් වන යෝධ කර්මාන්තයකි. අපට යාබද ඉන්දියාවේ පවා ඇති විශාල මට්‌ටමින් මේ කර්මාන්තය තිබුණද (එහෙත් එය නීති විරෝධීය* ශ‍්‍රී ලංකාව තුළ සංවිධානාත්මක කාම චිත‍්‍රපට කර්මාන්තයක්‌ නැත. එහෙත් අවස්‌ථා ගණනාවකදී මෙරට කාම චිත‍්‍රපට නිපදවා තිබේ. ඒ බොහොම රහසිගත ලෙසයි. ඒවායේ ප‍්‍රසිද්ධ නළු නිළියන් මෙන්ම කිසිවකුත් නොහඳුනනා නළු නිළියන් යෑයි කියා ගන්නා පිරිසක්‌ රඟපා තිබේ.

යළි අපට කාම චිත‍්‍රපට ගැන කතා කරන්නට සිදුවී තිබේ. ඒ පසුගිය දිනක නීති විරෝධී ලෙස මෙරට රූගත කළ ”‍තොල් පෙති අතරින්”‍ කාම චිත‍්‍රපටය පිටවීමත් සමඟයි. වේයන්ගොඩ ප‍්‍රදේශයේ සුවිසල් නිවසක මෙම චිත‍්‍රපටය රූගත කර තිබේ. එහි එක්‌ කාන්තාවක්‌ සහ පිරිමින් දෙදෙනෙක්‌ රංගනයේ යෙදෙති. මෙහි අධ්‍යක්‍ෂවරයා මෙරට ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. එම අධ්‍යක්‍ෂවරයා අපි ලක්‌මාල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර එහි රඟපාන එකම නිළිය නයෝමි ලෙසත්, ප‍්‍රධාන නළුවා ශාලිත ලෙසත් හඳුන්වන්නෙමු. සහය නළුවා අමිලයි. ඉංග‍්‍රීසි කාම චිත‍්‍රපට අනන්තවත් මෙරට තිබෙන අතර සිංහල කාම චිත‍්‍රපට ඇත්තේ ඉතා ස්‌වල්පයක්‌ පමණි. සිංහල කාම චිත‍්‍රපටයක්‌ නිෂ්පාදනය කළහොත් උණු කැවුම් මෙන් විකිණෙන අතර විශාල ලාභයක්‌ ලැබිය හැකි බව සමන් තේරුම් ගත්තේය. එමනිසා ඔහු තම ආශාව ඉක්‌මණින් ඉටුකර ගැනීමට ලක ලැහැස්‌ති වූවේය.

සමන්ට මූලික ගැටලූ‍ව වූයේ කාම චිත‍්‍රපටයේ රඟපෑම සඳහා තරුණියක සොයා ගැනීමයි.තමා දන්නා හඳුනන තරුණියන් කිහිප දෙනකුට පැවසුවද කවුරුවත් ඒ සඳහා කැමැති වූයේ නැත. නමුත් ඔහු තම උත්සාහය අතහැරියේ නැත. කෙසේ හෝ කාම චිත‍්‍රපටයේ රඟපෑම සඳහා තරුණියක සොයා ගන්නා බවට හේ අදිටන් කර ගත්තේය.

නයෝමි වත්තල ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. මෝස්‌තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපා තිබුණි. මෝස්‌තර නිරූපණ ශිල්පිනියක වීමට වඩා ඇයට වුවමනා වූයේ නිළියක වීමටයි. ඒ සඳහා  ඕනෑම දෙයක්‌ කැප කිරීමට ඇය සූදානම් වූවාය. කොණ්‌ඩය කොටට කපා ලැම සහ යටිබඩ ප‍්‍රදේශයේ පච්ච කොටා ඇති ඇය වැඩිපුරම ඇන්දේ අඟ පසඟ පෙනෙන තාලයේ ඇඳුම්ය.

හිතවතකුගේ මාර්ගයෙන් සමන්, නයෝමිව හඳුනා ගත්තේ උපන්දින සාදයකදීය. සමන් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන නිසා නයෝමි, සමන්ට දැඩි ලෙන්ගතුමක්‌ දැක්‌වූවාය. ආශ‍්‍රය කළ සුළු කාලය තුළදී නයෝමි යනු කවරෙක්‌ද යන්න සමන් දැන ගතතේය. දිනක්‌ සමන්, නයෝමි මුණගැසී තම කාම චිත‍්‍රපටය පිළිබඳ පැවසුවේය. ඉන්පසු එහි ප‍්‍රධාන නිළිය ලෙස ඇයට රඟපාන ලෙස ආරාධනා කළාය. ඇඟපසඟ පෙන්වා හෝ නිළියක්‌ වීමේ උවමනාව ඇයට තිබුණි. එමනිසා සැනෙකින් ඇය එම යෝජනාවට කැමැති වූවාය.

කාම චිත‍්‍රපටයේ රඟපෑම සඳහා නිළියක්‌ ඉදිරිපත්වීම නිසා සමන්ගේ ප‍්‍රධාන ගැටලූ‍ව විසඳුණේය. ඉන්පසු ඔහු ශාලිත නමින් අපි හඳුන්වන පුද්ගලයා ප‍්‍රධාන නළුවා ලෙස තෝරා ගත්තේය. ශාලිත ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපා ඇති පුද්ගලයෙකි. කාම චිත‍්‍රපටයේ තිර පිටපත සමන් විසින්ම රචනා කළේය.

කාම චිත‍්‍රපටයේ දර්ශන ප‍්‍රසිද්ධියේ රූගත කළ නොහැකි නිසා ඒ සඳහා ආරක්‌ෂිත ස්‌ථානයක්‌ අවශ්‍ය විය. සමන් ඒ බව තම මිතුරකුට පැවසුවේය. එම මිතුරා අත්තනගල්ලේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුට අයත් වේයන්ගොඩ පිහිටි සුවිසල් නිවසක්‌ ඒ සඳහා සොයා දුන්නේය. එම මිතුරා නිවස අයත් මන්ත‍්‍රීවරයාට පවසා ඇත්තේ චිත‍්‍රපටයක රූගත කිරීම් සඳහා නිවස අවශ්‍ය බව පමණි.

කාම චිත‍්‍රපටය සඳහා අවශ්‍ය සියලූ‍ දේ සූදානම් කරගත් පසු රූගත කිරීම් එම සුවිසල් නිවස තුළ සිදුවුණි. මෙම කාම චිත‍්‍රපටය පුරා තිබෙන්නේ එක්‌ තරුණියක්‌ වරින් වර තරුණයන් දෙදෙනකු සමඟ ලිංගිකව හැසිරෙන අයුරුයි. නිරුවත් දර්ශන සමඟ තාක්‍ෂණය උපරිම අයුරින් භාවිතා කර නිර්මාණය කර ඇති මෙම කාම චිත‍්‍රපටයේ නම වනුයේ ”‍තොල් පෙති අතරින්”‍ යන්නයි.

”‍තොල් පෙති අතරින්”‍ කාම චිත‍්‍රපටය රූගත කර අවසන් වූ පසු හොර රහසේ එය වෙළෙඳපොළට නිකුත් විය. මාස කිහිපයක්‌ ඇතුළත එම කාම චිත‍්‍රපටයේ සී.ඞී හයසීයකට අධික ප‍්‍රමාණයක්‌ විකිණී අවසන් විය. අන්තර්ජාලයේද විශාල පිරිසක්‌ එය නරඹා තිබුණි. අවසානයේ කිසියම් පුද්ගලයකු විසින් මෙය රූගත කළ නිවස පිළිබඳව පොලිසියට දන්වා තිබුණි.

ඒ අනුව වේයන්ගොඩ පොලිසිය වහාම කාම චිත‍්‍රපටය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූවේය. සියලූ‍ තොරතුරු සොයාගත් පසු උපාය දුතයකු යොදවා කාම චිත‍්‍රපටයේ සී.ඞී. මිලදී ගන්නට යන මුවාවෙන් අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලූ‍ දෙනා අත්අඩංගුවට ගත්තේය. ඔවුන් එම අවස්‌ථාවේදී ප‍්‍රකාශ කළේ මෙය කාම චිත‍්‍රපටයක්‌ නොවන බවයි. එහෙත් එහි අඩංගු අමු නිරුවත් දර්ශනවලින් එය කුමන වර්ගයේ චිත‍්‍රපටයක්‌ද යන්න පසක්‌ කර දෙයි.

කුලී පදනම මත නිවසක්‌ ලබාගෙන කාම චිත‍්‍රපටයක්‌ සාදා අන්තර්ජාලයට නිකුත් කිරීමේ චෝදනාව යටතේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසට නඩු පැවරුවේය. එහිදී අත්තනගල්ල මහෙස්‌ත‍්‍රාත්වරයා ඔවුහු පසුගිය හත්වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි හැම දෙයක්‌ම එදත් සිදුවිය. අදත් වෙයි. හෙටත් සිදුවීමට නියමිතය. ඒ අනුව කාමෝන්මාදය නමැති රෝගය එදත් තිබුණේය. අදත් තිබේ. හෙටත් තිබෙනවා ඇත.

උපුටා ගැනීමකි

14 13 12 7 8 9 10 11 2 3 4 5 6

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!