Gossip

අපේ අම්මා මාව සීනි බෝලයක් වගේ හැදුවේ නෑ – තිසුරි යුවනිකා

තිසුරි යුවනිකා කියන්නේ පුංචි කාලේ ඉඳන් කලාවට සම්බන්ධ වෙච්ච අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්.
අම්මගේ අඩි පාරේ යමින් කලා ක්ෂේත්‍රයේ ඉහළට පැමිණි ඇයගේ අලුත්ම තොරතුරුයි මේ.

කොහොමද තිසුරි අලුත් වැඩ කටයුතු..?
මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා මගේ. ඊට අමතරව තව අලුත් නාට්‍ය දෙකකටත් ආරාධනා ඇවිත් තියෙනවා.

තිසුරි පුංචි කාලෙ ඉඳන් මේ ක්ෂේත‍්‍රයේ ඉන්නවා.. ඒත් දිගටම මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න එක අමාරුයි නේද..?
ඔව් ඒක ඇත්ත.. මම අවුරුදු 4 ඉඳන් ක්ෂේත්‍රයේ ඉන්නවා. හැබැයි මම හෙමින් උඩට ආපු කෙනෙක්. ඒ නිසා කාලයක් රැදිලා ඉන්න පුළුවන්. එක පාර උඩ ඇවිත් එක පාර නැතිවෙලා යනවා වගේ ගමනක් නෙවෙයි මම ආවේ.

අම්මාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා වගේම තාත්තා නිසයි මම මේ ගමන ආවේ. මගේ හෙවනැල්ල වුණේ ඒ අය. තිසුරි යුවනිකා කියන නම හැදුනේ ඒ අය නිසයි. හැමෝම ආදරය කරන්නේ ඒ අයගේ ආශිර්වාදය මැදින් ආපු ගමන නිසයි.

මංගල සීනු නාද කරන්න කාලේ හරි නේද..?
හම්… ඔව් ලබන අවුරුද්දේ විවාහය සිද්ධ වෙයි..

ඒ කියන්නේ දැන් පෙම්වතියක්?
ඔව් ඔව්.

විවාහ වුණාට පස්සේ රංගනයට තිත තියනවද..?
නැහැ.. මම රංගනයෙන් ඉවත් වෙන්නේ නෑ.. අදටත් මම හොඳ නිර්මාණයක් ලැබුණොත් විතරයි සම්බන්ධ වෙන්නේ.

විවාහ වුණාට පස්සේ අම්මලගෙන් ඈත් වෙලා වෙනම ජීවිතයක් ගත කරන්න වෙනවා. ඉතිං ඒ අභියෝගය භාරගන්න පුළුවන් වෙයිද..?
අපේ අම්මා මාව සීනි බෝලයක් වගේ හැදුවේ නෑ. හොඳට උයන්න ගෙවල් අස්කරන වැඩ හැම දෙයක්ම කරන්න මට පුළුවන්. ඒ අය මට ඒ දේවල් උගන්වලා තියෙනවා.
ඒත් අම්මා හැමදාම කිව්වේ ගෙදර ඉන්න කාලේ නිදහසේ ඉන්න කියලා. මැරි කළාට පස්සේ ඒ නිදහස ලැබෙන්නේ නෑ කියලා. මම ගෙදර ඉද්දි හැමදේටම අම්මට උදව් වෙනවා.
තනියෙන් ජීවිතේ ගෙනියනවා කියන්නේ අමාරු දෙයක් තමයි ඒත් ඒකට හුරු වෙන්න ඕනනේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!