තරු හුට පට

මේ කාන්තාවට අවුරුදු 100යි – දවසට පැය 11ක් වැඩ

100

වයසට ගියාම වැඩ කරන්න සවි ශක්තිය නැතිවෙන එක මිනිසුන් වන කොයි කාටත් පොදු දෙයක්. වයස්ගතව මරණාසන්නව සිටියදී සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස දවසට පැය හත අටක් වැඩ කරනවා කියන්නේ හිතන්නවත් පුළුවන් කතාවක්ද?.  ඒ ගැන කියලා වැඩක් නෑ. ජීවිතය ජීවත් කරන්න ඕන නම් මහන්සිවෙලා හම්බ කරගෙන කන්න ඕන. ඒ ප්‍රශ්නය තියෙන්නේ දරුවන් නොසලකන ගොඩාක්ම දුප්පත් වැඩිහිටියන්ට. කවදා කොතැනක හෝ සදාකාලිකවම ඇස් පියවන තෙක් ඒ දුක් වේදනාවන් විඳින්න වෙනවා ඒ වගේ වැඩිහිටි උදවියට.

ඒ කතාව එහෙම කියද්දී අමෙරිකාවේ, බෆලෝ හි අවුරුදු 100ක් වන කාන්තාවක් දවසකට පැය 11ක් සතියට දින 6ක් අඛණ්ඩව වැඩකරනවා කියලා ආරංචියක් ලැබුණා. නමින් ඇය ෆෙලිමිනා රොටුන්ඩෝ. මෙයා වැඩකරනවා කියන්නේ රෙදි සෝදන තැනක. ලොන්ඩරි කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. අන්න ඒ වගේ තැනක මේ වයසක කාන්තාව දවසට පැය 11ක් වැඩකරනවාලු. තමන්ට ඇවිඳගන්න බැරි දවසක් එනදාට තමයිලු එතැනින් ඉවත්වෙන්නේ කියලත් මේ කාන්තාව කියලා තියෙනවා කියලයි ආරංචි.  1915 වසරේ ඉපදී ඇති අවුරුදු 85ක් තිස්සේ වැඩ කරනවා කියලත් කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!