Gossip

“තෝ කොහොමද මෙවුන් ගෙදර ගිහින් හදන්නේ..?ඇනපිය ඇනපිය ඕකට.. අයින්න ඕනේ මැරෙන්න” – වීඩියෝ

නුවරඑළිය – අඹේවල – 7 කණුව ප්‍රදේශයේ කන්දෙඇල රක්ෂිතයේ හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 12 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් කටයුතු කළා.

සිද්ධියට අදාළව පුද්ගලයින් 7 දෙනෙකු හා වාහන 2 ක්ද පොලිස් බාරයට පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළා.

අද දහවල් නුවරඑළිය – අඹේවෙලට පැමිණෙමින් සිටි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා 7 කණුව කන්දෙඇල රක්ෂිතයේ ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙක් දැක තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සතුන් හිංසාකාරීව ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටි පිරිසකගෙන් ඒ ගැන විමසා තිබුණා.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පට්ටිපොල පොලීසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට කැඳවුවේය.

අනතුරුව සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පිරිස ලවා ලොරි රථයට පටවා සිටි තවත් කුලු හරකෙකු ලිහා දැමීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නුවරඑලිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය හා වනජීවී නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබුණා.

ඔවුන්ගෙන කළ ප්‍රශ්න කිරීමේදි සහකාර ලේකම්වරිය පවසා සිටියේ ප්‍රදේශයේ වගා හානි කරන මෙම සතුන් නුවරඑළිය සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනූව අම්බලංගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානමින් පසුවූ බවයි.

කෙසේ වෙතත් පසුව සත්ව හිංසාව යටතේ සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු හා රථ දෙකක් පට්ටිපොල පොලිසිය බාරයට ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!