Gossip

23 හැවිරිදි රූමත් බිරිඳගේ අභිරහස් වෙන්ව යාමෙන්, ඇරඹූ තැනින්ම යුග දිවිය කඩා වැටුණු හැටි

හපුතලේ පදිංචිකරුවකු වන සරවණරාජා නවයෝගන් නම් ඔහු කියන්නේ විවාහයෙන් තුන්මසක් ගත වනතෙක් තමන් සහ බිරිය සතුටින් ජිවත් වූ බවකි.
ඒ තරම් කෙටි කාලයකදී වුවත් කිසිම දිනක රණ්ඩු සරුවල් නොවී එකට ආදරයෙන් බැඳී සිටි බිරිය හිටිහැටියේ ගෙල වැළලා ගැනීම කිසිසේත්ම අදහාගත නොහැක්කක් බව ඔහු පවසන්නේ දරාගත නොහැකි වේදනාවකිනි.
බිරියගේ මරණයට සැක කරන්නට කරුණු ගණනාවක්ම වන බවත් සරවණරාජා කියා සිටී.
තුන්මසක් තිස්සේ බිරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පොලිස් පරීක්ෂණයක් ඉල්ලා සිටින නමුත් තවමත් පොලිසිය ඊට පියවර ගෙන නැති බව කියන සරවණරාජා ඔහුගේ කතාව අප ඉදිරියේ දිග හැරියේ මෙළෙසිනි.
“මමත් මහීකාත් ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුණේ. හපුතලේදී හමුවෙලා දැන හැඳුනුම්කමක් ඇති කර ගැනීමෙන් පස්සෙයි අපි කසාද බැන්දේ.
ඒත් මහීකාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධයට එයාලගේ පැත්තෙන් කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒත් අපි දෙන්නට දෙන්නා පුදුම ආදරයකින් හිටියේ.”
“ඉතින් මහීකාගේ මවුපියන්ගේ අකමැත්ත මත වුණත් අපි බැන්දා. ඒ පහුගිය මාර්තු 14 වැනිදා.
එදා ඉඳන් ආදරේ කළ කාලයටත් වඩා තදින් අපි බැඳුණා. මහීකා මට පුදුම තරම් ආදරයකින් හිටියේ. මමත් එහෙමයි.”
“මහීකා මට ආදරේ තරම කියනවා නම් මට තාත්ති කියලයි කතා කළේ. මමත් මහීකාට පණටත් වඩා ආදරෙන් හිටියේ.
මමත් මහීකාට අම්මි කියලයි කතා කළේ. කාටවත් බරක් නොවී මහීකාත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්නයි මට ඕන කළේ. මහීකාටත් එහෙමයි.
ඒ නිසා තමයි අපි දෙන්නා හපුතලේ ඉඳන් ඇවිත් පන්නලින් කාමරයක් කුලියට ගත්තේ. ජීවත් වෙන්න විදියකුත් ඕනෑ නිසා අපි දෙන්නම එකම ගාමන්ට් එකේ රස්සාව හොයා ගත්තා.”
“එහෙම එකම තැන වැඩ කරලා එකට කුලී ගෙදරක ජිවත්වෙන කාලේදීවත් මහීකාගේ කිසිම වෙනසක් මට පෙනුණේ නැහැ.
එයා දුකින් ඉන්නවා මං දැකලත් නැහැ. අපි කුලියට හිටියේ එළවිල ගෝනවිල ගමේ. ඒ කිට්ටුවම පදිංචි වෙලා හිටිය මහීකාට මනමාලකම් පෙන්නුව ග්‍රාම සේවක කෙනෙක් නිසා මහීකාත් මමත් දෙන්නම හිතෙත් කරදරෙන් හිටියේ.”
දවසක් නෙවෙයි කීප වතාවක්ම ඒ ග්‍රාමසේවක මහීකාට නොහොබිනාකම් කළා. මහීකා තනියෙන් නාද්දී ඒ මිනිහා ඒ දිහෑ බලා හිටියා. අපිට ඒක අතටම අහුවුණා.”
ඒත් ඒ ග්‍රාමසේවක එයාගේ වරද පිළිගන්න ලෑස්ති වුණේ නැහැ.
ඒ වෙනුවට අපි දෙන්නත් එක්කලා සණ්ඩු කළා. ඒත් ඒවා දුර දිග ගෙනියන්න අපි හිතුවේ නැහැ. සේරම ප්‍රශ්න අමතක කරලා දාලා සන්තෝසෙන් ඉන්නයි අපිට ඕන කළේ. ඒත් ඒ සතුට වැඩි කාලයක් තිබ්බේ නෑ….?
මහීකා ගුණතිලක සිංහල වීමත් සරවණරාජා නවයෝගන් දෙමළ ජාතිකයකු වීමත් ඔවුන්ගේ විවාහයට බාධාවක් නොවිණි.
එහෙත් මේ දෙදෙනා එකට ජිවත් වීමේදී සමාජයේ ඇතැමුන් ඒ කාරණය ලොකුවට සැලකූ බවක් කියන සරවණරාජා විශේෂයෙන් මහීකාගේ ඥාති පාර්ශවයෙන් ඒ විරෝධය තදින් එල්ල වූ බවත් පෙන්වා දෙයි.
ඔහු කියන චෝදනාවලින් එකක් වන්නේ මහීකාගේ මරණින් පසුව පැවැත්වූ පොලිස් පරීක්ෂණ කෙරෙහි තමාට එතරම් විශ්වාසයක් නැති බවය.
“පසුගිය මැයි 29 වැනිදා අපි දෙන්නා උදෙන්ම වෙනදා වගේම වැඩට යන්න ලෑස්ති වුණා. අපි දෙන්නා එකට මඟට බැහැලා ටික දුරක් යද්දී මහීකා කිව්වා. මගේ ඇඟට අමාරුයි තාත්ති අද නම් මට වැඩට ගිහින් වැඩ කරන්න බැරිවෙයි. ඒ නිසා අද යන්න බැහැ කියලා. ඒත් ඒ වෙලාවේ මට අපි වැඩකළ ගාමන්ට් එකෙන් ගෙවන පැමිණීමේ දීමනාව මතක් වුණා.“
“ආයතනයෙන් අපිට ඒ දීමනාව ගෙවන්නේ නිවාඩු නොගත්තොත් විතරයි.
ඒ දීමනාව ගන්න අපි දෙන්නටම තව දවස් දෙකයි නොකඩවා වැඩට යන්න තිබුණේ.
ඉතින් නිවාඩු ගත්තොත් මහීකාට ඒක නැති වෙනවා. ඉතින් මං මහීකාට කිව්වා ඒ දීමනාව කපා නොගෙන ඒ දවස් දෙකත් වැඩ කරගන්න බලන්න කියලා. ඒත් මහීකා එදා වැඩට යන්න බැහැම කිව්වා.“
“එයාලගේ අම්මාට අසනිප වෙලා මහීකා හදිසියේ එයාලගේ අම්මව බලන්න ගොකරැල්ලේ ගියා කියලා ගාමන්ට් එකට කියන්නයි කියලා මහීකා මට කිව්වා.
මට එවේලේ වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මටත් මහීකා එක්ක නවතින්න ඕන කමත් තිබුණත් එතකොට අපි දෙන්නටම පැමිණීමේ දීමනාව නැති කරගන්න වෙන නිසා මං වැඩට ගියා. මහීකාට මං කිව්වා එහෙමනම් කාමරේට ගිහින් නිදාගන්න කියලා. “
“එදා මං වැඩට ගිහින් වැඩ කර කර හිටියා. අපි දෙන්නා කාමරේ කුලියට අරන් හිටියේ. ගෙදර අක්කත් වැඩකළේ ඒ ගාමන්ට් එකේමයි.
එයාගේ ෂිෆ්ට් එක ඉවර වෙන්න තිබුණේ එදා දවල් 12ට. ඉතින් මං වැඩපලේදී එයා ළඟටත් ගිහින් කිව්වා, මහීකා ඇඟ රිදෙනවා කියලා තනියම කාමරේ නැවතුණා. ඔයා ගෙදර ගියාම එයාට මොකද කියලා චුට්ටක් බලන්න කියලා.“
“මං එහෙම කියලා හවස වැඩ ඇරෙන වෙලාව එනකල් මඟ බල බලා වැඩ කළා. ඒත් ඊට පැය දෙකකට විතර පස්සේ, මං හිතන්නේ එතකොට හවස 2 ට විතර ඇති. මං වැඩ කළ ගාමන්ට් ෆැක්ටරි එකේ ඔෆිස් එකෙන් මට එන්න කියලා පණිවිඩයක් ලැබුණා.
මං ගිහින් එයාලව මුණ ගැසුණා. එතකොටයි ඒ කටිටිය සරවණරාජා අපිත් එක්ක ගමනක් යමු කිව්වේ.” එහෙම කියලා එයාලා මාව මමයි මහීකයි නැවතිලා හිටිය කාමරේ ළඟට එක්කන් ගියා. මං එතැනට යද්දී මිනිස්සු වටවෙලා හිටියා.“
“පොලිසියෙනුත් එතැනට ඇවිත් හිටියා. මට මොකද වෙලා තියෙන්නේ කියලා එකපාරටම අදහා ගන්නත් බැරිවුණා. මං අපි හිටිය කාමරේට ගිහින් බැලුවා. එතකොට මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා. මගේ රත්තරන් අම්මා මාව දාලා ගිහින් තිබුණා.
“මහීකා අපි දෙන්නා නිදාගත්ත කාමරේම එල්ලිලා මැරිලා හිටියා. මට මං මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා. මට ඒ වේදනාව වාවගන්න බැරිව හිටියා.
ඒත් පොලිසියත් මහීකාගේ මරණයට ඇඟිල්ල දික් කළේ මගේ පැත්තට. උඹට වෙන සම්බන්ධයක් තියෙනවා නේද ඇහුවා. පොලිසිය මං ලවාමයි මගේ මහීකාගේ මිනියත් බිමට බෑව්වේ. ඒ වෙලාවේ ඉඳන්ම පොලිසිය මට සැලකුවේම හොඳ විදිහට නෙවෙයි.”
“මං මහීකාගේ මිනිය බිමට බෑවා. ඒ වෙලාවේ මං දැක්කා එයා ඇඳන් හිටිය ඩෙනිම් කලිසම ඉරිලා කියලා. මං ඒ විත්තිය පෙන්වලා මට මගේ අම්මිගේ මරණය සැකයි සර් කියලා පොලිසියට කිව්වා. ඒත් පොලිසිය කිව්වේම මේක උඹේ වෙන සම්බන්ධයක් නිසා මේ ළමයා කරගත්ත දෙයක් වෙන්නැති කියලයි.
එහෙම කිව්වම මං හුඟක් අසරණ වුණා. මං කිව්වා මට එහෙම සම්බන්ධයක් තිබුණා නම් ඔප්පු කරලා පෙන්වන්න කියලා. අදටත් මං කියන්නේ ඒ ටිකමයි.”
“මහීකා හිටිය කාමරේ තියෙන තැන හරිම පාළුයි. කාමරේ තනියෙන් හිටිය මහීකාට කාගෙන් හරි මොකක් හරි බලපෑමක් වුණා වෙන්න පුළුවන්.
මට ඒ සැකය තියෙනවා. අනෙක මහීකා නැතිවෙච්ච දවසේ රෑ අපිත් එක්ක නොහොඳින් හිටිය ග්‍රාමසේවක තවත් කට්ටියක් එකතු කරගෙන බෝතල් පාටියකුත් දැම්මා.
මේවා නිසා කාටහරි මහීකාට අනතුරක් කරන්න ඕන කමක් තිබුණාද කියලා මට සැකයි. ඒත් අද වෙනකල් ඒ ගැන සාධාරණ විමර්ශනයක් පන්නල පොලිසිය කරලා නැහැ. සැක කරන අය ගැන පරීක්ෂණයකුත් නැහැ. මං ඉල්ලන්නේ තවත් පමා නොකොට මගේ බිරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පවත්වන්න කියලයි.”
මහීකාගේ ස්වාමි පුරුෂයා වන සරවණරාජා මේ චෝදනා සම්බන්ධයෙන් ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය වන පන්නල පොලිසියෙන් අප ඒ ගැන විමසමු. එවිට එහි උසස් නිලධාරියකු අපට කීවේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් එය සිදු වූ අවස්ථාවේදීම පන්නල පොලිසියේ උසස් නිලධාරියකු ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා තිබෙන බවකි.
සැමියා එය සැක කටයුතු බව කීමත් සමඟ කුලියාපිටිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් ද කැඳවා විමර්ශන කළ බව කියන පන්නල පොලිසිය මේ සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා පැවැත්වූ පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පැවැත්වූ බවක් අපට කීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!