Gossip

මටත් ඒ කාලේ නිරුවත පෙන්නලා ජනප්‍රිය වෙන්න තිබුණා – Photos

මට ක්ෂේත්‍රයේ ඇතැම් අයගෙන් ගොඩක් කැපිලි ආවා…..ඔබ තරුණ පරපුර අතර ජනප්‍රියව සිටි මොහොතක හදිසියේම ඇමෙරිකාවට යන්න හිතුවේ ඇයි?

ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තුළ මම යම් වෙනසක් කළා කියලා මම හිතනවා. විශේෂයෙන් තරුණ පරපුර අතර මගේ නිර්මාණ වැඩි වශයෙන් ජනප්‍රිය වෙන්න අත්තේ ඔවුන් බලාපොරොත්තු වූ වෙනස ඒ තුළ තිබූ නිසා. නමුත් අපි බලාපොරොත්තු වෙන විදිහේ සුන්දර ලෝකයක් නෙවෙයි එතන තියෙන්නේ. මට මේ ක්ෂේත්‍රයේ ඇතැම් අයගෙන් ගොඩක් කැපිලි ආවා. නමුත් ඒ තුළින් මාව වට්ටන්න ඒ අයට බැරි වුණා. මම මගේ ගමන ඉතා හොඳින් ගියා.

ඇමෙරිකාව තුළ නිර්මාණ කටයුතු සිදු කළේ නැද්ද?

ඇමෙරිකාව තුළ මම මගේ නිර්මාණ කටයුතු සිදු කරනවා. සෝනි මියුසික්වලින් ඇමෙරිකාවේ රේඩියෝ චැනල්වලට මගේ ඉංග්‍රීසි ගීත කීපයක් රිලීස් කරලා තියෙනවා. නිව්යෝක්වල ප්‍රමුඛතම රේඩියෝ චැනල් එකේ මගේ සිංහල සින්දුවක් රිලීස් වුණා. ඒ ගැන මාධ්‍යතුළින් ලොකු ප්‍රචාරනයක් ලැබුණා. ඒ වගේම මෙහෙ කොන්සට්වලටත් සහභාගි වෙනවා.
ඒත් එක්කම මම ඇමෙරිකාවේ රෙකෝඩ් ලේබල් එකක් එක්ක වැඩ කරනවා. මේ වනවිට මගේ ඇල්බම් දෙකක වැඩ කටයුතු ඉවරයි. තුන්වෙනි ඇල්බමයේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා. ඇමෙරිකාවේ තියෙන ක්‍රමවේදය අනුව අපි ඇල්බම් තුනක් සිදු කළ විට ඒවායේ තිබෙන හොඳම ගීත ටික අරගෙන ඇල්බමයක් ලෙස සකසා තමයි වෙළෙඳ පොළට නිකුත් කරන්නේ.
ඔය අතරේ රෙකෝඩ් ලේබල් එකට පිටින් ගීත කීපයක් නිර්මාණය කරලා රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ඒ හරහා ඇමෙරිකාවේ රසික පිරිස් වෙත මගේ නම ගෙන යාම තමයි අපේක්ෂාව. ඒ ඉංග්‍රීසි ගීත ලංකාවෙත් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ මේ වනවිට ඉංග්‍රීසි ගීත රචිකාවියක් ලෙසත් කටයුතු කරනවා නේද?

ඇමෙරිකාවේ රෙකෝඩ් ලේබලයත් එක්ක වැඩ කරන්න ගත්තම ඔවුන් මට මුලින්ම ට්‍රැක් එකක් දීලා කිව්වා මේකට සින්දුවක් ලියන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඇත්තටම මටත් හිතාගන්න බැරුව හිටියේ මට සින්දු ලියන්න පුළුවන් වෙයිද කියලා.
පළමු ගීතය ලියන්න මට දවස් තුනක් විතර ගොඩක් මහන්සි වෙන්න සිදු වුණා. හැබැයි දැන් මට ඉංග්‍රීසි ගීතයක් ලිවීම මහ ලොකු දෙයක් නෙමෙයි. අනික මෙලඩි එකට සින්දුවක් ලියන්න තමයි මම ගොඩක්ම කැමති.
ඒ වගේම මම ම ලියලා මෙලඩිය නිර්මාණය කරලා ගායනා කරන ගීතවල රෝයල්ටී වැඩියි. මම ගීත රචනයට යොමුවීමට ඒකත් එක හේතුවක්.

‘සදාතනික ආදරේ’ ගීතය නිර්මාණය වුණේ කොහොමද?

මම මුලින්ම රිලීස් කරන්න සූදානමින් හිටියේ ‘අනන්තය සොයා’ නම් ගීතයක්. ඒ ගීතය මම ලංකාවට ඇවිත් සුරේෂ් මාලියද්ද සමග නිර්මාණය කළ ගීතයක්. ඊට මියුසික් වීඩියෝවකුත් නිර්මාණය කර තිබුණත්, එහි කටයුතු අවසන් කරන්න තවත් යම් කාලයක් ගතවෙන නිසා ‘සදාතනික ආදරේ’ ගීතය යූ ටියුබ් සඳහා රිලීස් කළා.
‘සදාතනික ආදරේ’ සින්දුව අවුරුදු 11කට පස්සේ ලංකාවේ රිලීස් වෙන මගේ පළමු ගීතය. මගේ සැමියා වන සුසන්ත ඇමෙරිකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඔහු සති කිහිපයකට ලංකාවට ගිහින් ඉන්න විට දැනුණු පාළුව, තනිකම තමයි මේ ගීතය ලියන්න පාදක වුණේ. මේ ගීතය ලිව්වේ හා මෙලඩි එක නිර්මාණය කළේ මමයි. එහි සංගීත අධ්‍යක්ෂණය ඇමෙරිකානු ජාතික විල් කාර්මැක් විසින් සිදුකළා. මේ වනවිට ලංකාවේ ගුවන්විදුලි නාළිකා කිහිපයකම මෙම ගීතය ප්‍රචාරය වෙනවා.

‘සදාතනික ආදරේ’ ගීතයට ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

දැනට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. මට හිතෙන්නෙ මම යමක් හොඳ විදියට කරලා තියෙනවා කියලයි. ගීතය අහලා බලපු අය කියන්නේ ලොකු වෙනසක් මේ ගීතයේ තියෙනවා කියලා. 2006 දී ‘රන් වන් රන් මාල පළඳා’ ගීතය හරහා වෙන ට්‍රෙන්ඩ් එකක් ඇති කළා. 2019 දීත් ඒ ට්‍රෙන්ඩ් එකේම ඉන්න මට අවශ්‍ය වුණේ නැහැ. දැන් අපේ පවතින ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න ඕන කියන අදහසත් මට තිබුණා. මේ ගීතයේ මියුසික් ගත්තම පොප් ටෙක්නෝ මික්ස් එකක් තියෙන්නේ. ඇත්තටම මටත් අවශ්‍ය වුණා මීට කලින් ගමන් කළ හිප්හොප් ස්ටයිල් එකෙන් මිදෙන්න.
ඒ වගේම ඉදිරියේ දී ලංකාව තුළ මගේ කොන්සට් එකක් කරන්න අදහසක් තියෙනවා. හැබැයි කොයි කාලෙ ඒක සිදු කරයිද කියලා දැන්ම කියන්න බැහැ. කොහොම වුණත් මගේ ගීත කිහිපයක්ම ඉදිරි මාස කීපය තුළ ලංකාවේ රිලීස් කරනවා. මේ ගැන වැඩි විස්තර ‘Teesha’ නමින් ඇති මගේ යූ ටියබ් චැනලයෙන් හෝ ‘Teesha Facebook’ ෆෑන් පේජ් හරහා ලබාගන්න පුළුවන්.

වර්තමානයේ ලංකාවේ මියුසික් ෆීල්ඩ් එක ගැන ඔබේ කියවීම මොකක්ද?

මියුසික් ෆීල්ඩ් එකේ අපේ තරුණ පරම්පරාව වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මියුසික් වීඩියෝව ගැන මිසක්, සංගීතය ගැන නෙවෙයි. ඒ සඳහා නිරුවත භාවිත කරනවා. මොකක්හරි මියුසික් වීඩියෝවක් කරලා ගීතය හිට් කරගන්න තමයි උත්සහ කරන්නේ. අපිටත් ඒ කාලේ නිරුවත භාවිතා කරලා ජනප්‍රිය වෙන්න තිබුණා. නමුත් අපි ඒ කාලෙත් අපි හිතුවේ අපි රසිකයන්ට යම් රසවින්දනයක් ලබාදෙන්න ඕනි කියලයි. සංගීතයෙන් කන හා සිත තමයි මුලින්ම පිනවිය යුත්තේ. අනතුරුවයි ඇස පිනවීමට මියුසික් වීඩියෝ කළ යුත්තේ. නමුත් ඇස පිනවීමට කියලා ඒ පරම්පරාව පහතට ඇද වැටෙන දේවල් කරලා වැඩක් නැහැ. කෙනෙක්ගේ බුද්ධි මට්ටම තවත් ටිකක් ඉහළට හිතන්න පුළුවන් දෙයක් තමයි අපි නිර්මාණය කරන්න ඕනි.

උපුටා ගැනීමකි

   

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!