Gossip

කිසිම අධ්‍යක්‍ෂවරයකුගෙන් අයුතු යෝජනා ඇවිත් නැහැ – ටීනා ෂනෙල්

ටීනා ෂනෙල්, මේ නම හරි ජනප‍්‍රියයි නිරූපිකාවක් නිළියක් විදිහට ඇය ක්‍ෂෙත‍්‍රයේ දිගු ගමනක් යන්න සැරසෙනවා.

 2020 ට තියෙන්නේ මොනවගේ සූදානමක්ද?

වැඩ ඉතිං එනවා යනවා සමහර වෙලාවට ආරාධනා ලැබෙනවා සමහර ඒවාට ආරාධනා ලැබිලා ප‍්‍රතික්‍ෂෙප වෙන වෙලාවලූත් තියෙනවා. දැන් ඉතිං ලංකාවේ වැඩ අමුතු සිස්ටම් එකකටනේ සිද්ධ වෙන්නේ.

 ඒ කිව්වේ?

රියැලිටි වැඩසටහන්වලින් එන අයත් ඉන්නවා. නමුත් අලූත් මුහුණු වැඩවලට ගන්නවා කියලත් ගන්න අය ඉන්නවා. ගොඩක් වෙලාවට කලාව ගැන හදාරලා වගේම කලාව ගැන දැනගෙන එන අයනම් අඩුයි. දවසින් දෙකින් එන අයත් ඉන්නවා. කොච්චර අය ආවත් රැඳිලා ඉන්නේ සීමිත පිරිසක්.

අපි බලමු ඉතිං ඉදිරියේදී මම සාමාන්‍යයෙන් වැඩක් කරන්නේ නැතිව ඉදිරියේ කරන්න තියෙන වැඩ ගැන කතා කරන්නේ නැහැ.

අලූත් මුහුණු හින්දා ටීනාට වැඩ අඩුවෙලා වගෙයි?

නැහැ. නැහැ. එහෙම ප‍්‍රශ්නයක් නෙවෙයි. නමුත් මගේ තියෙන පෙනුම සහ හැකියාව වෙන කාගෙන්වත් ගන්න බැහැ. ලංකාවේ තියෙන්නේ එහෙම ප‍්‍රශ්නයක් නොවෙයි. රියැලිටි ෂෝ වලින් එන අයත් ඉන්නවා. මොඞ්ල්ස්ලා කියලා ෆොටෝ ෂූට් එකක් කරලා එන අයත් ඉන්නවා. ඉතිං ඒ අය වෙන වෙන විවිධ ක‍්‍රම හොයාගෙන වැඩවලට යනවා. ලංකාවේ ඉන්න කොට අපිට ඒ දේවල් ආරංචි නොවී ඉන්නේ නැහැනේ. ඒ දේවල් අපි දන්නවා මට තියෙන වැඩ මම කොහොමත් කරගෙන යනවා.

මම ඇහැව්වේ ටීනාට වැඩ අඩුවෙලා ද කියලා?

මම කොහොමත් ලොකුවට ටෙලි නාට්‍ය බදාගෙන කරන චරිතයක් නෙවෙයි. අපි ඉතිං කට්ටියක් එක්ක මීට වඩා සහයෝගයෙන් හිටියා නම් ටෙලි නාට්‍ය එක දෙකකට තව ආරාධනා ලැබෙන්න පුළුවන්. මම කොහොමත් වැඩ හොයාගෙන යන චරිතයක් නෙවෙයි. අනික කෝල්කර කර වැඩ ඉල්ලන්නෙත් නැහැ. කවුරු හරි ආරාධනා කළොත් විතරයි වැඩක් භාරගන්නේ. නැතුව වැඩ ඉල්ල ඉල්ල කාගෙවත් පස්සේ යන්නේ නැහැ.

ඒ කියන්නේ වැඩ ඉල්ලන් කාගේවත් පස්සේ ගිහිල්ලම නැතිද?

නැහැ. එහෙම වැඩ ඉල්ලගෙන යන්න තරම් මට තවම ප‍්‍රශ්නයක් වෙලා නැහැ. අධ්‍යක්‍ෂවරයෙක් පිටපත් ලියනකොට ඒ චරිතයට අදාළ මුහුණු ඔහුට මතක් වෙනවා. ඉන්දියාවේ නම් එහෙම තමයි ගොඩක් පිටපත් ලියැවෙන්නේ. නමුත් ලංකාවේ ඊට හාත්පසින්ම වෙනස්.

  කොහොමද එහෙම වෙනස් වෙන්නේ?

අධ්‍යක්‍ෂවරුන්ගේ සහ නිෂ්පාදකවරුන්ගේ එක එක දේවල් මත ඒවා වෙනස් වෙනවා. තමන්ගේ පුද්ගලික දැන හැඳුනුම්කම් මත වගේම ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් හින්දා වැඩවලට ගත්ත අයත් ඉන්න වනේ.

 ඔබට අධ්‍යක්‍ෂවරුන්ගෙන් අයුතු යෝජනා ඇවිත් තියෙනවාද?

නැහැ. නැහැ. මට අද වෙනකම් කිසිම අධ්‍යක්‍ෂවරයෙකු ගෙන් වගේම නිෂ්පාදකවරයෙකු ගෙන් එවැනි යෝජනාවක් ඇවිත් නැහැ. මට එවැනි යෝජනා ඇවිත් නැත්තේ මට එවැනි සිද්ධියක් වුණොත් පුවත්පත්වලට හෝ රූපවාහිනි නාලිකාවල මම සහභාගි වෙන සාකච්ඡුාවකදී ඒ දේ කෙලින්ම ප‍්‍රකාශ කරනවා. ඒ හින්ද මම මේතාක් වැඩකරපු කිසිම අධ්‍යක්‍ෂවරයකු ගෙන් එවැනි යෝජනාවක් ඇවිත් නෑ. මම කා සමගත් සුහදව වැඩ කරන චරිතයක්.

ටීනා මේ දිනවල මොනවද කරන්නේ?

නිරූපන ක්‍ෂෙත‍්‍රයේ වැඩකටයුතු කරගෙන යනවා. ඒත් සමගම ගීත රූප රචනා කිහිපයක වැඩ කරන්නත් ආරාධනා ලැබුණා. ඔය අතරේ ටෙලි නාට්‍යය වැඩ කරන්නත් ආරාධනාවක් ලැබුණා.

දැන්ම විවාහය ගැන හිතන්නේ නැද්ද?

දැන්ම නම් ඒ ගැන හිතන්නේ නැහැ.

ටීනා පෙම්වතියක් කියන්නේ ඇත්තද?

කලින් නම් පෙම්වතියක් තමයි හැබැයි දැන් නම් පෙම්වතියක් නෙමෙයි.

 ආදර යෝජනාවලින් නම් අඩුවක් නැතිව ඇති නේද?

ඔව්. එහෙම දේවල් නම් තියෙනවා. මේ ඊයේ පෙරේදාත් ඒ වගේ ආදර යෝජනා ආවා හැබැයි තවම ඒ ගැන හිතන්න විදිහක් නැහැ. මගේ රැකියාවෙන් ඉදිරියට යන්න තමයි මේ වෙලාවේ හිතන්නේ.

දිනේෂ් විතාන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!