Gossip

“මගේ ඇඟ ලස්සනට තියනවා” ටීනා මාධ්‍යහමුවේ කියපු කථාව මෙන්න.

ටීනා ශනෙල් කියන්නේ දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිණියක්. ඒ වගේම තමයි ඇය මේ දවස්වල රූපරචනාවල ජනප්‍රියම චරිතයක් විදියට හදුන්වන්න පුළුවන්. මේ ඇය සමග කළ සංවාදයක්.

ටිනා මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි නේද ?

ඔව්. ගොඩක් අය දැන් මං ගැන කතා කරනවා. මගේ දක්ෂතා අගය කරනවා. ඉතින් මට ඒ ගැන ගොඩක් සතුටුයි.

අවුරුදු පහ හයකට කලින් කලාවට අවතීර්ණ වුණත් ඔබ කතා බහට ලක් වෙන්නේ ගීත රූප රචනා නිසයි?

හැමෝම ආ ගමන් ජනප්‍රිය වෙන්නේ නැහැ. නිර්මාණවල දකින්න දකින්න තමයි ජනතාව අතරට යන්නේ. මමත් එහෙමයි. මම වැඩිපුරම ජනප්‍රිය වුණේ මේ මෑතකදී. නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබුන නිසා.

බොහෝ අය නම් කියන්නේ ටීනා අසංවර චරිතයක් කියලයි. එකම විදිහට දකින නිර්මාණ වලට විතරක් ඉන්නේ ඇයි?

මම ශ්‍රී ලාංකික කෙනෙක් වුණත් හුඟක් අය නම් හිතන්නේ මම මිශ්‍ර ජාතියක කෙනෙක් කියලයි. මගේ හමේ පාට පවා වෙනස්. කොණ්ඩේ පාට වෙනස්. මගේ බැල්ම පවා මවා ගත්ත එකක් නෙමෙයි තියෙන්නේ. මම කොහොමත් කොටට අඳින කෙනෙක්. ගෙදරට වුණත් කොටට අදින්නේ. ඉතින් මට ගැලපෙන චරිත තමයි මට ලැබෙන්නේ. චීත්ත ගවුමක් ඇදලා කොණ්ඩ කරල් දෙකක් ගොතලා වෙළක දුවගෙන එන චරිත මට ගැලපෙන්නේ නැහැ. අධ්‍යක්ෂකවරු පවා මට නිර්මාණවලට කතා කරන්නේ ඒ වගේ බටහිර චරිත වලට විතරයි. මේ මගේ ස්ටයිල් එක ඒක කාගෙන්වත් කොපි කරපු එකක් නෙමෙයි.

ඔබේ විලාසිතාවලට ඔබව කවුරුත් විවේචනය කරලා නැද්ද..?

කොහෙත්ම නැහැ. මගේ මුහුණට නම් කවුරුවත් බැනලා නැහැ.

ටීනා ෂනෙල් මාකට් එක හදා ගන්නේ අඩ නිරුවත පෙන්නලා කිව්වොත්?

මම මගේ මාකට් එක අඩ නිරුවත පෙන්නලා හදා ගන්නේ නැහැ. මේ මගේ විදිහ. මම අඳින්නේ මට ගැලපෙන විදිහට. මගේ ඇඟ ලස්සනට තියනවා. ඉතින් කොටට ඇන්දත් ඒක මට කැත නැහැ. මට තියෙන්නේ උපතින්ම සරාගී පෙනුමක්. ඒක හදාගත්ත එකක් නෙමෙයි.

ටීනාට වැඩිපුරම මඩ ගහන්නේ ෆේස්බුක් ඇඩ්මින්ලා කියලා දන්නවද?

ඔව්. මම හිතන්නේ මම ගැන වෙන්න ඇති එක එක දේවල් වැඩිපුරම දාන්නේ. මම නම් ෆේස්බුක් වැඩිය යන්නේ නැහැ. මගේ යාලුවෝ ගොඩක් වෙලාවට මට පෙන්නවා. ඒ ගැන මම දුක් වෙන්නේ නැහැ. එත් මගේ නමින් ෆෙස්ක්බුක් ගිණුම් විස්සක් විතර තියනවා. පේජස් තුන හතරක් තියනවා. සමහර අය කතා විදිහට ඒ හරහා චැට් කරනවා ෆොටෝ දානවා කියලත් මට ආරංචි වුණා. මට හරියට මඩ ගහනවා. මේ දේවල් නිසා මම ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියලා හිතපු කාලයකුත් තිබුණා. නමුත් කවුරුත් කරන දේවල් මට අදාල නැහැ කියලා මම මගේ පාඩුවේ ඉන්නවා. මම වගේ චැට් කරන අයගෙන් පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

කලාවට ගෙදරින් තහංචි තහනම් වැටිලා නැද්ද?

මට ඉන්නේ අම්මා අක්කලා දෙන්නයි. මගේ තාත්තා මම චුටි කාලේ නැති වුණා. තාත්තා ජිවතුන් අතර හිටියා නම් සමහර විට මම මේ විදිහට දකින්න නැහැ. අනිත් අය නම් මට ගොඩක් උදවු කරනවා.

ටිනාගේ පෙම්වතා ජනප්‍රිය ගායකයෙක්ලු. විවාහය ලඟයිද?

මගේ පෙම්වතා ගායකයෙක් තමයි. ඒත් වැඩි විස්තර දැන්ම කියන්න බැහැ. දැනගන්න ලැබෙයි. විවාහය ගැන තවම අපි හිතලා නැහැ. විවාහ වෙන්න තව වයස තියනවා.

18248_700923030035033_6765131027096208463_n 1601069_1807493606145363_8567958364758556355_n 10455038_1529544410606952_8123822965629667628_n 12471663_969382523142885_1301742472511461871_o 12489256_969368569810947_7405033367735301536_o

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!