Gossip

ඉන්දියාව හොල්මන් කරමින් සුරංග ලක්මාල් පන්දු තුනකින් එක් ලකුණක්වත් නොදී සුපිරි පිතිකරුවන් ආපසු හරවා යැවූ හැටි මෙන්න – වීඩියෝ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඊයේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
වර්ෂාව හේතුවෙන් පැය 4ක ප්‍රමාදයකින් පසුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.
වරින් වර වර්ෂාවෙන් සිදුවූ බාධා මැද ආරම්භ කෙරුණු තරගයේ් පළමු පන්දුවෙන්ම ලෝකේෂ් රාහුල් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට සුරංග ලක්මාල්ට හැකිවුණා.
පසුව 11 වැනි පන්දු පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායමේ තවත් කඩුලු දෙකක් දවාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවුණා.
එම කඩුලු දෙකටම හිමිකම් කිව්වේ සුරංග ලක්මාල්.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා තරගය නතර කරනවිට සුරංග ලක්මාල් නිලකුණු පන්දුවාර 6 ක් තුල කඩුලු 3 ක් ලබාගෙන තිබුණා.
ඊයේ දිනයට තරගය නතරකරන විට ඉන්දියානු ලකුණු පුවරුව සටහන් වුණේ ලකුණු 17 ට කඩුලු තුනක් ලෙසින්.

තරගයේ සුවිශේෂී අවස්ථා පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!