හොලිවුඩ්

සනී අක්කා මල්ලි බලන්න අමෙරිකා යයි

ප‍්‍රකට සරාගී බොලිවුඩ් නිළි සනී ලියොන් ඇගේ අපකීර්තියට පත් වූ ජීවන ඉතිහාසය නිසා ඇයගේ පවුලේ උදවිය කවුදැයි මාධ්‍යයට හඳුන්වාදෙන්නට  පසුගිය කාලයේ කැමැත්තක් දැක්වූයේ නැත.

නමුත් පසුගියදා ඇය ඇගේ ට්විටර් ගිණුම ඔස්සේ මුල්වරට ඇගේ සොයුරාව හඳුන්වා දුන්නාය. ඒ ඇය පසුගියදා සිදු කළ අමෙරිකානු සංචාරය අතරදී ඔහුව මුණගැසීමෙනි. අමෙරිකාවේ හෝටලයක ප‍්‍රධාන සූපවේදියෙකු ලෙස සේවය කරන ඔහු සන්දීප් බව සනී තැබූ සටහනේ දැක්වෙනවා.

ඉන්දියාවේ පන්ජාබ්හි උපන් සනී ලියොන් ටිබෙට් ජාතික පියෙකු හා පන්ජාබ් මවකගේ දරුවෙකි. ඇගේ මව 2008 වසරේ මියගිය අතර ඇයට සොයුරෙකු සිටි බව මේතාක් හෙළි කර තිබුණේ නැත.

s4 s1 s2 s3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!