Gossip

මැච් එකේදී ලංකාව නිසා ඕස්ට්‍රේලියා ටීම් එක හිරවුණු හැටි

cvr

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුනු දෙවන එක්දින තරගය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සමත් වුණා.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන්නු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5කදි සියලුදෙනා දැවී ලකුණු 288ක් රැස්කර ගත්තා. එහිදී සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක්, නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක්, කුසල් පෙරේරා ලකුණු 54ක් සහ දිනේශ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත් වුණා.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට පන්දුවාර 47යි පන්දු 2කදි සියලලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 206ක් පමණයි.

එහිදී තරමක් හෝ සාර්ථතක වුනේ කඩුළු රකින ක්‍රීඩක මැතිව් වේඩ් පමණයි. ඔහු ලකුණු 76ක් ලබාගත්තා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අමිල අපෝන්සු කඩුළු 4ක් සහ තිසර පෙරේරා කඩුළු 3ක් දවාගැනීමට සමත්වුණා.

මීට අමතරව මැතිව්ස් කඩුළු 2ක් සහ සීක්කුගේ ප්‍රසන්න එක් කඩුල්ලක් දවාගත්තා. තරගයේ වීරයා බවට පත්වුනේ නායක ඇන්ජලෝ මැතිව්ස්.

ඒ අනුව තරග 5කින් සමන් විත මේ තරගාවලියේ 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම මට්ටමේ සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!