ඉන්දියාව සමග ඊයේ පැවැත්වුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමඟ දඹුලු ක්‍රීඩාංගනයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ ක්‍රීඩාලෝලීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසයි.
මේ හේතුවෙන් ක්‍රීඩකයන්ට පිටියෙන් ඉවතට යාමටද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව අප වාර්තාකරුවන් පැවසුවා.
සූදුකරුවන් අපිට එපා, දේශපාලනය අපට එපා, යනුවෙන් කෑ ගසමින් ක්‍රීඩාලෝලීන් කලහකාරීව හැසිරී තිබුණා.
කෙසේ වෙතත් පොලිස් රැකවල් මත පසුව ක්‍රීඩකයන් පිටියෙන් පිටත්ව ගියා.