Gossip

බංගලීස් පරාදයි, ශ්‍රී ලංකාවට ජය – ක්‍රීඩාවේ මහත්මා ගතිය නිරුවත් කරමින්, පරාජයේ බයත්, ජයග්‍රහණයේ සතුටත් දරාගත නොහැකි බංගලියෝ

පාසල් යන කාලෙ ඉඳලා අපිට උගන්වන දෙයක් තමයි ජය පරාජය සමසිතින් විඳගන්න ඕන කිියන එක.
පොඩි ළමයෙක් වුණත් මේ සිද්ධාන්තය හරි අපූරුවට දන්නවා.
ඒත් තම රටේ නම කැත කරමින් බංග්ලාදේශය පරාජයේ සේයාවත් ජයග්‍රහණයේ සැමරුමත් නිරුවතින් සැමරුවේ ලෝකයම ඉදිරියේ බංග්ලාදේශ නාමය නිගාවට පත්කරමින්.
අවසන් පන්දුවාරයේදී ඉසුරු උදානගේ පන්දු දෙකක් හමුවේ පරාජයේ වියරුවෙන් බංගලියන් හැසිරුනේ ක්‍රීඩාවේ ජීවගුණයද නැතිකරමින්.
පසුව බංග්ලාදේශය තරගය ජයගත් මොහොතේද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ගැටුමකට අරඇද්දේ තම නූගත්කම ලෝකයාට නැවත නැවතත් පෙන්වමින්.
ඒ සියලු දේ ඉතා නිහතමානීව දරාගත් තිසර පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම සංයමය, දරාගැනීම පෙන්වමින් ක්‍රීඩාවේ මහත්මා ගතිය මනාවට කියාදුන්නා.
මොහොතක් නැවතී සිතා බැලුව විට අපටත් ප්‍රේක්ෂක ඔබටත් සිතෙන්නේ මෙම තරගය බංගලියන්ගේ හැසිරීමෙන් ඔවුන් පරාද බවත් සිංහයන්ගේ හැසිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ බවත්ය.
තරගයෙන් පසුව සිදුවූ සිද්ධියකින් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ දේපලවලටද හානි සිදුව ඇති බවට වාර්තා වනවා..

ආරක්ෂක අංශ පවසන්නේ බංගලියන් ජයසමරද්දී ඔවුන් අතින් මෙම විවේකාගාරයේ දොරටුව බිදීගිය බවයි.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීම්වලින් ක්‍රීඩාවේ මහත්මා ගුණය පිරිහෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!