Gossip

ආර්.ප්‍රේමදාස පිටිය උණූසුම් වුණේ ඇයි? වීඩියෝ සහ ඡායාරූප පිටවෙයි

ඊයේ රාත‍්‍රී කොළඹ ආර්.පේ‍්‍රමදාස පිටියේ පකිස්තානය සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරඟය අතර ඇතිවූ කලහකාරී සිද්ධිය නිසා පුද්ගලයන් 10 කට පමණ සුළු තුවාල සිදුවූ බව වෙබ් ගොසිප් වෙත අනාවරණය වෙනවා. වාහන 12 කට පමණ ගල්වැදී අලාබ සිදුවූ බව වාර්තා විය.

ශ‍්‍රීලංකාව පකිස්තානය හමුවේ පරාජයට පත්වන්නට ආසන්න අවස්ථාවක ඩි පැවිලියන් කොටසේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගන්නා ලදී. ඒ අතරවාරයේ ගල්පහරක් වැදී  පසුව තරඟය මදකට නතර කරන්නටද සිදුවිය.

කැරළී මරර්දන ඒකක කැඳවා තත්ත්වය පාලනය කර සියලූ පේ‍්‍රක්ෂකයින් ඉවත් කර තරගයේ ඉතිරි කොටස පවත්වන්නට අනතුරුව ජගවර් ශ‍්‍රීනාත් තරග තීරක ක‍්‍රියා කරන ලදී.

මෙය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්බන්ධයෙන් කළු පැල්ලමක් වූ අතර පසුව සනත් ජයසුරියද සිය ට්විටර් ගිනුමෙන් කියා සිටියේ මෙම සිද්ධිය පකිස්තානයට එරෙහිව සිදුවූ දෙයක් නොවන බවත් නූගත් බේබද්දන් දෙදෙනෙකු නිසා හටගත්තක් බවත්ය

 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා    වන ප්‍රකාශ් ෂාෆ්ටර් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් තරඟය තාවකාලිකව නතර කළ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා කියා සිටියේ පිටියෙන් එපිට යම් උණුසුම් තත්ත්වයක් ඇති වුවද පොලිසිය සහ ආරක්ෂක අංශ එය පාලනය කිරිමට කටයුතු කළ බවයි.

මේ අතර ක්‍රීඩා පිටියෙන් එපිට සිදු වූ මෙම උණුසුම්කාරි තත්ත්වය අද අළුයම වන විට සම්පූර්ණයෙන්ම මැඩපැවැත්විමට හැකි වූ බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට පොලිසිය සහ ආරක්ෂ හමුදා යොදවා  අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලිසියේ උසස් නිළධාරියෙකු අද දෙරණට කියා සිටියේය.

සිද්ධියට අදාළව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්ය.

p2 3 4 5 6 7 8 9 10  p111

sanath

mahi

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!