Gossip

MI 17 හෙලිකොප්ටරය කඩා වැටුණාද? අනතුරක් මග හරින්න හදිසියේ ගොඩබැස්සුවාද? විස්තරය මෙන්න

ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ ගංවතුරින් පිඩාවට පත් ජනතාවට අවශ්‍ය පිසින ලද ආහාර සහ වියලි ආහාර ගෙනයමින් සිටි එම් .එයි .17 වර්ගයේ ගුවන් යානයේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා ගුවන් නියමුවා විසින් එය බද්දේ ගම ප්‍රදේශයට ගොඩබැස්සවීමට කටයුතු කර ඇතිබවයි .

මෙය කඩා වැටීමක් නොවන බවත් එම අවස්ථාවේ ගුවන් යානය බැස්සවීමට ස්ථානයක් නොවූ නිසා ආරක්‍ෂිත පියවරක් ලෙස මේ ආකාරයෙන් බද්දේගම ප්‍රදේශයට ගුවන් යානය ගොඩබස්සවා ඇති බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

එමෙන්ම කුමන හේතුවක් තුල ඇතිවූ දෝෂයක් නිසා මෙය සිදුවීද යන්න පරීක්ෂණ සිදුකරන බවත් එම අවස්ථාවේ ගුවන් යානය ගොඩ බැස්සවීමට ස්ථානයක් නොවූ නිසා වතුර මත ට ගොඩ බැස්සවූ බවයි ඔහු කියා සිටියේ .

එමෙන්ම ගුවන් යානයට යම් කිසි හානියක් සිදු වෙලා තිබුනත් ඒගැන නිසි ආකාරයෙන් දැනගැනීමට හැකිවන්නේ එය නැවත එලියට ගත්
පසුව බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේය .
එමෙන්ම මෙම අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදු නොවූ බවද ඔහු කියා සිටියේය .

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!