Gossip

අවුරුදු 4දි සංගීත ලෝකයට ඇවිත් මියුරු හඬින් ලොවක් වසඟ කළ සෝනු නිගම්ගේ ජීවිත කතාව මෙන්න

ඔහුගේ සිත් වසඟ කරවන හඬ පසුගිය දශක දෙකකට වඩා වැඩි කාලයක් සිට රසික ජනයා සනසන්නට සමත් කම් දක්වා තිබෙනවා.
රසිකයා අතරේ අතිශය ජනාදරයට පත්,’පියු බොලේ ‘ ‘කල් හෝ නහෝ ‘ වැනි ගීත වලට හඬ මුසු කල සෝනු නිගම්,මෑතකදී අනුපම් ඛේර් මෙහෙයවන වැඩසටහනට සහභාගී වුනා.

එහිදී බොලිවුඩයේ ඔහු ආ ගමන් මාර්ගය සහ අද ඔහු සිටින තැනට ඒමට ඔහුගේ පියා දැක්වූ දායකත්වය ගැන කතා කළා.

ඔහුගේ පියා නොවන්නට අද වන විට සෝනු නිගම් නම් චරිතයක් බිහිවන්නේ නැති බවයි ඔහුගේ අදහස.
ඔහු මුලින්ම වේදිකාවට පිවිසිලා තියෙන්නේ යන්තම වයස අවුරුදු හතරේදී.

තාත්තා එක්ක ඛ්යා හුවා තේරා වදා සින්දුව තමයි ඔහු මුලින්ම ගායනා කරලා තියෙන්නේ. හරියටම අවුරුදු 38ටකට කලින් වුනු මේ සිදුවීම ඔහු මතක් කරන්නේ හරිම ආදරයෙන්.
ෆරිදාබඩ්හි මාධ්‍ය පාන්තික පවුලක සාමාජිකයෙක් වුනු සෝනු,අනිත් පුංචි දරුවෝ වගේ කිසිම දවසක දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ .මොකද ඔහුගේ අම්මයි තාත්තයි දෙන්නම හරිම සරල වගේම ඍජු පුද්ගලයෝ.

ඔවුන් ඔහුට සරල ජීවිතයක වැදගත්කම ඉගැන්වුවා වගේම,සෝනු ගේ බලාපොරොත්තුවත්,ඔහුගේ පුතාට ඒ අකාරයෙන්ම ඒ දැනුම දීමයි.
හැමෝටම වගේ,සෝනු නිගම් ගේ ගමනත් සරල පහසු වුනේ නෑ .කටුක අත්දැකීම් එක්ක තමයි අද ඔහු මේ ඉන්න තැනට පැමිණ තිබෙන්නේ.මුලින්ම ඔහු ගීත ගායනා කරලා තියෙන්නේ එක එක උත්සව වල.

ඔහුගේ හැකියාව සහ දක්ෂතාවය තේරුම් ගත් සොනුගේ පවුලේ උදවිය ඔහුට අත දීමක් වශයෙන්,මුම්බායි හි පදිංචියට එන්නේ ඉන් පසුවයි. මුම්බායි ආපු ඔහුට ඔහුගේ තාත්තා දුන්නු අවවාදය අදටත් ඔහු මතක් කරන්නේ හරිම ගෞරවපුර්වකව.ඔහුගේ තාත්තා කියලා තියෙනවා,පුතා,දැන් විනෝද වෙලා,පස්සේ කාලේ දුක් විදින්න.එහෙම නැත්නම්,දැන් දුක් විඳලා පස්සේ කාලෙක විනෝද වෙන්න.ඉතින් සෝනු තෝරා ගත්තේ තාත්තාගේ අවවාදයේ දෙවෙනි කොටසයි.ඒ තෝරා ගැනීම ඔහුගේ යහපත් පිණිසම හේතු වුනා.
ටික ටික ලොකු වෙනකොට සොනුට ඕනේ වුනේ විද්‍යාඥයෙක් වෙන්න.
හැබැයි එක තනකට කොටු වෙලා ඉන්න අකමැති වුනු ඔහුම ඒ අදහස හිතින් අත් ඇරියා.

ඔහුයේ යෞවන කාලයේ සිදුවෙන විපර්යාස හේතුවෙන්,ඔහුගේ කටහඬ හොඳටම වෙනස් වුනා.කෙනෙක් ට අහගෙන ඉන්න බැරි තරමටම හරිම රළු කටහන්දක් ඔහුට තිබුනේ.ඒ නිසාම ගීත ගායනා කරන අදහසට ඔහු සමුදෙනවා කියලා හිතද්දීම ඔහුගේ කටහඬ වෙනදාටත් වඩා ලස්සන වෙලා ඔහුට ලැබුනා.
සෝනු නිගම් ගේ සංගීත දිවියේ ආදර්ශයට ගත චරිත දෙකක් ඉන්නවා.ඒ තමයි මොහමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්.මොහමඩ් රාෆිගේ බහුශ්රුත බවට ඔහු ගොඩාක් ගරු කළා.ලතා මංගේෂ්කාර් ගේ චරිතවත් බව ඔහුගේ සිත් ගත්තා.ඉතින් ඔහු ක්ෂේත්රයෙන්ම තමයි ඉගෙනගෙන තියෙන්නේ.
ගායකයෙක් වගේම සෝනු හොඳ නළුවෙක්.පුංචිම කාලේදී වගේම ඔහුගේ තරුණ කාදීත් සෝනු නිගම් චිත්රපට කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
සෝනු හදවතින් හරිම සරල පුද්ගලයෙක්.කෙනෙක් ගේ පසුබිම ඔහුගේ චරිතය නිර්මාණය කරනවා කියලයි සෝනු හිතන්නේ.කෙනෙක්ට සාර්ථක වෙන්න ඕනේ නම්,ලොකු හික්මීමක් එක්ක කටයුතු කරන්න ඕනේ කියලයි ඔහුගේ අදහස.
ජිවිතයේ අමාරුවෙන් සාර්ථක වෙන්න උත්සාහ කරන සියලු දෙනාට සෝනු කියන්නේ,ජිවිතයේ ඉහලම තැනට එනකල් කොහොමින් හරි කටුක බව දරාගෙන කටයුතු කල යුතුයි කියලයි.
සොනුගේ දෙමව්පියෝ ඔහුට ලොකු ආරක්ෂාවක් දුන්නා. සෝනු මුම්බායට ඇවිත්,ඔහුගේ සංගීත ජිවිතයේ මුල් කාලයේදී ඔහුට සජීවී ප්‍රසංග සඳහා ගයනා කරන්න දෙමව්පියන්ගෙන් අවසරය හිමි වුනේ නෑ .මොකද ඔවුන් බිය වුනා එහෙම කලොත් සෝනු අනවශ්‍ය සම්බන්ධකම් වලට පැටලෙයි කියලා.
සොනුගේ හඬ පරාසය විශාලයි.ඔහු ගේ ගීත වලින් ඒ බව හොඳින්ම ඔප්පු වෙනවා.ඒ වගේම වෙන කෙනෙක් ගේ හඬක අනුකරණය කරන්නත්,සොනුට තියෙන්නේ පුදුම හැකියාවක්.විශේෂයෙන්ම ගැහැණු කටහඬින් ගීත ගායන කරන්න සොනුට තියෙන හැකියාව ඇති විශිෂ්ටයි.
සෝනු අද ඉන්න තැනට ආවේ එක රැයින් නෙමෙයි. ඉසේල්ලම ඔහු music වීඩියෝ සඳහා තමයි ගායනා කලේ.ඔහුගේ මුල්ම ගීතය,’අච්චා සිලා දියා’.පස්සේ ඔහු සජීවී ප්රසංගයක් කරලා තියෙනවා.ඊටත් ගොඩ කාලයකට පස්සේ තමයි,සෝනු ට චිත්‍රපට පසුබිම් ගායනය සඳහා අවස්ථාව හිමි වන්නේ.ඉතින් විශාල හැලහැප්පීම් ගොඩාක් මැද්දේ සෝනු ලොකු ගමනක් ඇවිත් තියෙනවා.
ඉතින් ලොවක් වසඟ කරපු සෝනු නිගම්ගේ ගීතයක් ඔබටත් සජීවීව විඳගන්න පුලුවන් අත්දැකීමක් සැප්තැම්බර් 9වෙනිදා උදා වෙනවා.
ඒ කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!