Gossip

“දුක සැප බලන්නවත් කෙනෙක් නැහැ” – ප්‍රවීන ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සිත් වේදනාවෙන් සහ දැඩි කලකිරීමෙන්ලු – Photos

ප්‍රවීන ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා මේ වන විට සිටින්නේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි.
ඔහු දැඩි සිත් වේදනාවකින් සහ කලකිරීමකින් සිටින බව කීර්ති පැස්කුවෙල් මහතා පවසනවා.
සිය මුහුණුපොතේ සටහනක් තබමින් කීර්ති පැස්කුවෙල් මහතා මෙලෙස සඳහන් කර තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ පසුගිය ජනවාරි 13දා සිට නේවාසිකව ප්‍රතිකාර ලබන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර සොයුරා මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින් අද මට කතා කරා…ඒ ඔහුගේ දක සැප බලන්නටවත් කලා කේෂ්ත්‍රයේ බොහෝ අයට අමතක වී ගොස් ඇති නිසා.
මිල මුදලින් ආධාර නොකලත් ගිලන් වී රෝහල් ගතවූවිට දක සැප බැලීමට යාමත් රෝගියාගේ හිතට කොච්චර ශක්තියක්ද කියලා හිතෙන්නේ ලෙඩක් දුකක් හැදුනට පස්සෙ. ඒ සතුට ඔහුට හිමිවෙලා නෑ.
සෝමසිරි කියන්නේ පුහු මාන්නයෙන් හිස උදුම්මා නොගත් ඉතා නිහතමානි අවංක කලාකරුවෙක්. පොලොවෙ පය ගහලා ජීවත්වුනු මනුස්සයෙක්.
අපි හැමෝම එතුමාට ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු.
අඩු වශයෙන් මෙයවත් ඔහුගේ හිතට සතුටක් ගෙන දේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!