තරු හුට පට

ජනප්‍රිය ගායකයෙකුගේ පුතෙක් හෙරොයින් සමඟ අල්ලයි

 

sohan

 

 

හෙරෝයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත මහරගම පොලිසියේ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී සොහාන් පෙරේරා මහතා ගංගොඩවිල මහේත්‍රාත් අධිකරණට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවෙයි.

හෙරෝයින් ජාවාරමේ නියැලුණු මහරගම පැරකුම් මාවත ප්‍රදේශයේ පදිංචි රේනුකා සමන්ති හෙවත් රෝණු නැමැත්තියගෙන් රුපියල් 25.000 ක මුදලකට හෙරෝයින් මිලිග්‍රෑම් 550 ක් මිල දි ගෙන යතුරුපැදියකින් පැමිණෙමින් සිටිය දී පෙරේ දා (21) පස්වරුවේ දී සොහාන් පෙරේරා මහතා අත්අඩංගුවට ගත් බව සඳහන් වුණි.

කලිසම් සාක්කුවේ හෙරොයින් සඟවාගෙන පැමිණෙමින් සිටිය දි මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව රේණු නැමැත්තිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

සොහාන් පෙරේරා ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ සහෝදරයෙකු ද වෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!