තරු හුට පට

එංගලන්තයේදී අපේ ක්‍රිකට් පිලට අසාධාරණයක් – Lord’s සඳලුතලයේ සිංහ කොඩිය අමුණයි

flage

නුවන් ප‍්‍රදීප් විසින් යවන ලද පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 58 ක් ලබා සිටියදී දැවී ගියේය.

එහෙත් එම අවස්ථාවේ ප‍්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු ජාතික විනිසුරු රොඞ්නි ටකර් මහතා විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම්කරනු ලැබීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරුවාට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටිය හැකිවිය.

සිදුවීමේ රූපවාහිනී පුනරූපන වලින් දිස්වූයේ එම අවස්ථාවේදී පන්දු යවමින් සිටි නුවන් ප‍්‍රදීප්ගේ පාදයේ කොටසක් පන්දු යවන්නාගේ සීමාවට පසුපසිත් තිබූ බැවින් එය නිපන්දුවක් නොවන බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහත් කණස්සල්ලට පත්ව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක සහ පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් යන මහත්වරු තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා හමුවී සිදුවීම ගැන පැමිණිලි කළහ. එපමණකින් නොනැවතුණ ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන්ගේ ජාතික කොඩිය වන සිංහ කොඩියද විනාඩි 45 ක පමණ කාලයක් ලෝඞ්ස්හි කී‍්‍රඩක විවේකාගාර සඳලූතලයේ අමුණා තැබූහ.

flage

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!