Gossip

සුපිරි තරු පෑයූ සිග්නීස් ස්වර්ණ සම්මාන උළෙලේ සියලු දසුන් මෙන්න – Photos

40 වැනි සිග්නීස් සිනමා සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණා.
මෙම සම්මාන උළෙලේදී 2016 වර්ෂයේ මෙරට තිරගත වූ සිනමාපට 24 ක් අතුරින් සිනමාපට 09 ක් මෙම උළෙලේ පිරිනැමූ ජූරි සම්මානයන් 23 කට හිමිකම් කියූ අතර, එහිදී වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම්ලැබූ සිනමාපටය බවට අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ සිනමාපටය පත්විය.
හොඳම නිළිය ලෙස ස්වර්ණා මල්ලවාරච්චි පිදුම් ලැබුවේ ඇගේ ඇස අග චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.
එමෙන්ම හොඳම තිරරචනය ලෙසද අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම සම්මාන උළෙලේ සම්මානයන් හිමිවූ ආකාරය සහ සියලු ඡායාරූප පහතින්..

• හොඳම චිත්‍රපටය (Best Picture): සක්කාරං (ධර්මසේන පතිරාජ)
• හොඳම අධ්‍යක්ෂකවරයා ( Best Director): අශෝක හඳගම (ඇගේ ඇස අග)
• හොඳම තිර රචනය (Best Screenplay): අශෝක හඳගම (ඇගේ ඇස අග)
• හොඳම නළුවා (Best Actor): දසුන් පතිරණ (මෝටර් බයිසිකල්)
• හොඳම නිළිය (Best Actress): ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග)
• හොඳම සහාය නළුවා (Best Actor In a Supporting Role): ජෙහාන් අප්පුහාමි (සයපෙති කුසුම)
• හොඳම සහාය නිළිය (Best Actress In a Supporting Role): රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග)
• හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): චිත්‍රාල් සෝමපාල – ඇහැරෙන්න ඉතින් දැන්වත් (ඇගේ ඇස අග)
• හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): උරේෂා රවිහාරි -සමනලයින් පාට පාට (සරිගම)
• හොඳම ගී පද රචනය (Best Lyrics): ප්‍රණීත් අබේසුන්දර – පත්තිනි දේවි අහසින් වඩිනා (පත්තිනි)
• හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): චන්න දේශප්‍රිය (ඇගේ ඇස අග)
• හොඳම සංස්කරණය (Best Editing )- තිස්ස සුරේන්ද්‍ර (මෝටර් බයිසිකල්)
• හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සරිගම)
• හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): රෝහණ වීරසිංහ (සරිගම)
• හොඳම වර්ණ සංයෝජනය (Best Colour Grading)- ආනන්ද බණ්ඩාර (සරිගම)
• හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): බිමල් දුෂ්මන්ත (පත්තිනි)
• හොඳම වේෂ නිරූපණය (Best Make up): සමීර මධු කිඳෙල්පිටිය (පත්තිනි)

සිග්නීස් විශේෂ ජූරි සම්මාන ඛාණ්ඩය-
• ජූරියේ විශේෂ සම්මානය-අධ්‍යක්ෂණය (Special Jury Award for Directing): ප්‍රසන්න විතානගේ (උසාවිය නිහඬයි)
• ජූරියේ විශේෂ සම්මානය-රංගනය (Special Jury Award for Acting): පූජා උමාශංකර් (පත්තිනි/සරිගම)
කුසලතා ඇගයීම් සහතික ඛාණ්ඩය-
• කුසලතා සහතිකය- රංගනය (Certificate of Merit- Acting): ප්‍රසාදිනී අතපත්තු (සක්කාරං)
• කුසලතා සහතිකය- රංගනය (Certificate of Merit- Acting): යශෝධා රසදුනි (සයපෙති කුසුම)
• කුසලතා සහතිකය- රංගනය (Certificate of Merit- Acting): ශේෂාද්‍රි ප්‍රියසාද් (ZOOM)
• කුසලතා සහතිකය- සංගීත අධ්‍යක්ෂණය (Certificate of Merit- Music Direction): උදාර සමරවීර (ආදරණීය කතාවක්)

දශක සතක උපහාර සිනමා සම්මාන ඛාණ්ඩය-
• ලෙස්ටර් ජේම්ස් පීරිස් (සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්)
• ධර්මසේන පතිරාජ (සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්)
• අයිරාංගනී සේරසිංහ (සිනමා රංගනය වෙනුවෙන්)
• මාලනී ෆොන්සේකා (සිනමා රංගනය වෙනුවෙන්)
• සෑම් පෙරේරා (සිනමා කේෂ අලංකරණය වෙනුවෙන්)

ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!