Gossip

“එයාට මාව හදාගන්න වත්කමක් නැති නිසා මාව විකුණන්න ඇති” – එංගලන්තය හොල්ලන ලංකාවේ කෙල්ල

ජිවිතේ කියන්නේ ලැබීම් නොලැබීම් වගේම දුක සැප දෝලනය වෙන චක්‍රයක්. මේ කියන්න යන්නේ දුප්පත්කම නිසා වැදු දෙමාපියන් අහිමි වූ යුවතියක් ගැනයි. ඇය උපන්නේ 1991 පෙබරවාරි 28 වන දා ශ්‍රී ලංකාවේදී. නම වීර මුදියන්සේලාගේ නිරෝෂිකා. මේ යුවතියට වයස අවුරුදු හතක් සපිරෙද්දීම අයර්ලන්තයේ දරුවන් නැති යුවළක් ඇයව හදාවඩා ගන්න මෙරට නීතියෙන් උපකාර ගන්නවා. නීතිය අනුව අවුරුදු දෙකකට පසුව ඇයට අයර්ලන්තයේ දෙමාපිය සෙනෙහස හිමි වෙනවා.

ඔවුන්ට අනුව ඇය ශ්‍රී නිරෝෂිකා ඇචේසන්. මේ යුවතිය දැන් ජිවත් වෙන්නේ එංගලන්තයේ. එංගලන්තයේ ජනප්‍රිය චරිතයක් වගේම කතාබහට ලක් වූ චරිතයක් වෙන්නත් ඇයට පුළුවන්කම ලැබෙනවා.දැන් ඇය Deloitte Touche Tohmatsu Limited ලෙස හඳුන්වන එක්සත් රාජධානියේ නිව් යෝර්ක් හි මෙහෙයුම් මූලස්ථානය සමඟ එක්සත් රාජධානියේ සංස්ථාපිත බහුජාතික වෘත්තීය සේවා සමාගමේ සේවය කරනවා.

ඇය එහි තාක්ෂණික ව්‍යාපාර උපදේශිකාවයි. එමෙන්ම එංගලන්තයේ Women Who Code කියන සමාගමේ අධ්‍යක්ෂිකාවත් ඇයයි. දුප්පත්කම තුරුළුකරගෙන උපන්නත් දෙමාපියන් ඇයව පිටස්තර රටකට විකිණුවත් ඇයගේ වාසනාව හා ශක්තිය කැපකිරීම ඇයව ඉහලම තැනක ඔසවා තැබුවා කිව්වොත් හරි.

ඇය වර්ෂ ගණනාවක සිට ඇයව බිහි කළ මවව සොයන්න වෙහෙසෙනවා. නිරෝෂිකා ඒ ගැන විදෙස් මාධ්‍යකට කතා කළේ මේ විදිහටයි.

“මම විවාහ වෙලා ඉන්නේ Sean McCrory සමග. මම පුංචි කාලේ තමයි මගේ අයර්ලන්ත දෙමාපියන් ළගට ආවේ. ඔවුන්ට දරුවන් නැති නිසා මාව හදාගන්න ගත්තා. නීතිමය යටතේ. මාව වගේම මට සහෝදරයෙක් ඔවුන් ලබා දුන්නා වෙනත් රටකින්. අපි හතර දෙනා සතුටින් ජිවත් වුණා. මම හොදින් ඉගෙන ගත්තා. තරුණ වයසත් එක්ක මම Sean McCroryට ආදරේ කළා. මගේ අයර්ලන්ත දෙමාපියන් මාව ඔහුට විවාහ කර දුන්නා. විවාහයට ටික කාලෙකට කලින් මට උවමනා වුණා මගේ සැබෑ දෙමාපියන් සොයා ගන්න. ඒ නිසා අපි විවාහ වෙලා ලංකාවට ආවා මදුසමය ගත කරන්න. ඒ ඇවිත් අවුරුදු දෙකහමාරක් ලංකාවේ ජිවත් වුණා. ඒ කාලේ මම උත්සහ කළා මගේ අම්මාව හොයා ගන්න. නමුත් නිවැරදි තොරතුරු නැති නිසා හොයා ගන්න බැරි වුණා…”

මහනුවර රෝහලේ උපත ලැබූ ඇය ඇගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම නොදනී යනුවෙන් සඳහන් වන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇයගේ මවගේ නම ලෙස ඩිංගිරි මැණිකේ නමින් සඳහන්ව තිබුණත් එම නම ඇත්ත නමක්ද යන්න ප්‍රශ්නයක් බව ඇය කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඇයගේ උප්පැන්න සහතිකයේ මව උපන් ස්ථානය ලෙස සටහන් කර තිබෙන්නේ මාතලේ නාවුල යනුවෙනුයි.

“මම ලංකාවට ඇවිත් මගේ හැඩරුව තියෙන ඇය ගැන හොයලා බැලුවා. මගේ අයර්ලන්ත දෙමාපියන්ට මගේ මව ලබා දී තිබෙන තොරතුරු බොරු ඒවා කියලා දැනගත්තේ මම ලංකාවට ආවට පස්සේ හොයලා බැලුවට පස්සෙයි.මට දැන් මගේ අම්මාව හොයා ගන්න ඕන. එයාලා හොදින් ජිවත්වෙනවද කියලා බලන්න ආසයි. ඇත්තටම මට මගේ අම්මා ගැන තරහක් තියෙනවා. එයා මාව හදාගන්න දුන්නු නිසා. එයා ආත්මාර්ථකාමී තීරණයක් එදා අරගෙන තියෙන්නේ. කොහොම නමුත් මම අද ඉන්න තැන ගැන මට සතුටුයි. එයාට මාව හදාගන්න වත්කමක් නැති නිසා මාව විකුණන්න ඇති. ඒ නිසානේ මම අද හොදම තැනක ඉන්නේ. එයා ලග හිටියා නම් මගේ ජීවිතෙත් දුකක් වෙන්න තිබුණා… දැන් මගේ අම්මාව හොයා ගන්න පුළුවන් වුණොත් මට තවත් සතුටක්..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!