බොලිවුඩ්

ශාරුක් ඛාන් ඩුබායි රෝහලේ!

Shahrukh-Khan-Imtiaz-Ali_L

බොලිවුඩ් සිනමාවේ  සුපිරි නලුවකු වන ශාරුක් ඛාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම රෝහලට ගොස් තිබෙනවා.

ඒ ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයකට සහභාගී වීමට ගොස් සිටින අතරවාරයේදීයි.

ඩුබායි රාජ්‍යයේ කලීෆා නුවර රෝහලේදී ශාරුක් ඛාන්ට ඉහළ පිළි ගැනීමක් හිමිව ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙනවා.

ඉන්දීය සිනමා රසිකයන් මෙන්ම ඩුබායි රාජ්‍යයේ සිටින ශාරුක් ඛාන්ගේ රසිකයන් රැසක් එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

නවීන මෙන්ම සුපිරි පහසුකම්වලින් යුත් මෙම රෝහලේ කටයුතු පිළිබඳ රෝහල් බලධාරීන් විසින් ශාරුක් ඛාන්ට හැඳින්වීමක් ද සිදුකර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන සම්මාන උළෙලට අමිතාබ් බච්චන් සහ සල්මන් ඛාන් ද එක්වන බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!