Gossip

SF ලොක්කාගේ අලුත් මෙහෙයුම මෙන්න

ලෝකශූර කරාතේ ක්‍රීඩක වසන්ත සොයිසා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයේ ඇපමත සිටින එස්.එෆ් ලොක්කා අළුතින් ආරම්භකර ඇති මෙහෙයුමට නගරයේ ව්‍යාපාරිකයෙකුගේ ප්‍රසාදය හිමිවි ඇති අතර තවත් පිරිසක් ඊට නොසතුටින් සිටින බව බව වාර්තා වනවා.

අනුරාධපුර හා පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන පාරිභෝගික ජනතාවට විශිෂ්ඨ සේවාවක් සපයන බව පවසමින් අනුරාධපුර නගරයේ පිහිටි මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයකට සහයෝගය දක්වමින් අළෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවට වාර්තාවන අතර පසුගිය උත්සව දිනවලදී ආයතනය ඉදරිපිටදී අදාල ආයතනයෙන් හා එහි ශාඛා වලින් භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික ජනතාව දැනුවත් කර තිබෙනවා. එම ආයතයේ අඩු මිලට තත්ත්වයෙන් උසස් භාණ්ඩ තිබෙන බව පාරිභෝගිකයන්ට පවසමින් ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අවු කණ්නාඩි පැලද රිදියෙන් තැනූ මුදු මාල පෙන්ඩන් ශරිරය පුරා පලඳාගෙන අනුරාධපුර නව නගරයට පැමිණෙන එස්.එෆ්.ලොක්කා පසුගිය මාස කිහිපයේම සමාජ සේවා කටයුතු වල නිරතවූ බවද වාර්තා වුණා. අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමිනමක් සමගින් කිට්ටු ඇසුරක් පවත්වන ඔහු උන්වහන්සේ සමග විවිධ සමාජ සේවා කටයුතු වලටද සහභාගීවී ඇති අතර උන්වහන්සේ සමග ජයශ්‍රී මහ බෝධිය වැදපුදා ගැනීමට ගොස් තිබෙන බවද වාර්තා වුණා.

එස්.එෆ්.ලොක්කා අධිකරණයේ ඇපමත බන්ධනාගාරයෙන් නිදහස්වී පැමිණි පසුව වෙළද ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම නිසා සිය වෙළදාම් කටයුතු වලට තර්ජනයක් එල්ලවී ඇති බව ව්‍යාපාරිකයන් පිරිසක් පැවසු අතර ඔහුගේ නඩු කටයුතු වලට මුදලින් සහයෝගය දක්වන්නන්ගේ වෙළද ආයතන ප්‍රවර්ධනයට ඔහු කටයුතු කරන බවද ඔවුන් සඳහන් කළා.

අනුරාධපුර කඩ පනහා මුදිතා මාවතේ පිහිටි පැනරෝමා රාත්‍රී සමාජ ශාලාවට දරුණු ප්‍රහාරයක් එල්ලකර එහි හිමිකරුවූ ගිනස් ලෝක වාර්ථාලාභියෙකුවූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දහයියාගම ලොකු නොහොත් එස්.එෆ්.ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචි ආර්.ඒ.ඉරෝන් රණසිංහ චෝදනා ලැබ සිටිනවා. ඊට අමතරව පැනරෝමා රාත්‍රී සමාජ ශාලවට ජීව අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට එරෙහිවද ඔහු ඇපමත මුදාහැර සිටින්නෙක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!