Gossip

කොණ්ඩයාගේ සහෝදරයා සේයා ඝාතනය කළ බව පිළිගනියි – පරීක්ෂණ වෙනතකට !

 

seya

කොටදෙණියාව ප්‍රදේශයේ පසුගිය දින ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන වට පොලිස් අත්අඩංගුවේ සිටින කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැති පුද්ගලයාගේ සහෝදරයා විසින් පිළිගෙන ඇති  බව පොලීසිය පවසයි.

කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැති සැකකරුගේ සහෝදරයෙකු පසුගිය දින පොලීසිය විසින් අත්අඩංගුවට  ගන්නා ලදී.

ඉන් අනතුරුව  මිණුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය වෙත ඉදිරිපත් කළ අදාළ සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත  අවසර ලබා දී තිබුණි.

ඒ අනුව අද දිනයේ අදාළ සැකකරු මිණුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත්‍ තේ එම සැකකරු විසින් සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගත් බවයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!