Gossip

කොල්ලුපිටියේ දුම්රිය අනතුරින් මරුදුටු තරුණයාගේ හිස ගම්පහින් හමුවෙලා

ඊයේ උදෑසන කොළඹ කොටුවේ සිට අබේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුමිරියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) උදෑසන 6 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.

දුම්රිය ස්ථානයට මෙම හිස කොටස බාර දීමෙන් පසුව පොලීසිය දැනුම් දී ඇති අතර මෙහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඊයේ (11) කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමිෙදී දුම්රියක ගැටුණු සොයුරන් දෙදෙනාගෙන් අවුරුදු 12 ක වයසේ අයගේ බවයි.‍

අනුරාධපුර නව නගරයේ පදිංච් පවුලක දරු දෙදෙනෙකු මෙලෙස අනතුරට පත්ව ඇති බවද අනාවරණය වී ඇත.

සොහොයුරන් දෙදෙනා ජායාරූප ගනිමින් සිටියදී දුම්රියෙහි ගැටීමෙන් වයස 12 ක දරුවාගේ හිස කොටස ගැලවී ගොස් දුම්රිය මැදිරි දෙකක් අතර කොටසේ මෙලෙස සිරවී තිබී ඇත.

මෙම සිරුරක හිස කොටස නොමැති බව පොලීසිය විසින් දැනුම් දී තිබී ඇති අතර මේ අනුව හිස කොටස කොල්ලුපිටිය පොලිස්ථානය වෙත බාර දීමට පියවර ගත් බව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩ්බ්ලිව්.ඒ.ගෆාර් මහතා පැවසීය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!