තරු හුට පට

සෙලීනා ගෝමස් තනියම ඉද්දී කරන දේවල් මෙන්න

coverගායනයෙන්, රංගනයෙන් වගේම සුරූපි පෙනුමෙන් රසික සිත් වසඟ කරගත් තාරකාවක් තමයි සෙලීනා ගෝමස් කියන්නෙ.  තවමත් 23 හැවිරිදි වියේ පසුවන මේ තරුණිය කලක් ජනප්‍රිය ගායක ජස්ටින් බීබර්ගේ පෙම්වතිය වෙලත් හිටියා. පසුගියදා නිමාවුණු සම්මාන උළෙලකදිත් ඇය ගැන ජාත්‍යන්තර මාධ්‍ය වැඩියෙන්ම කතා කළා. ඒ ඇයගේ ඇඳුම් මෝස්තරය නිසා. කෙසේ වෙතත් සෙලීනා පසුගිය දිනෙක ජාත්‍යන්තර පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබුණා.

ඔයා ටැබ්ලොයිඩ් පුවත්පත් කියවනවද.?

මෑතකදි නම් කියෙව්වේ නැහැ. ඇත්තටම බ්ලොග් අඩවිවල තියෙන ඒවා මම ගොඩක් කියෙව්වා. ඇත්තටම මම ඒවට ඇබ්බැහිවෙලා හිටියා කියලා කියන්නත් පුළුවන්. ඒත් මම එක දිගට සති හතරක් ඒ මොකවත් බලන්නේ නැතිව හිටියා. ඒක මට ලොකු සහනයක් වුණා.

ටැබ්ලොයිඩ් පුවත්පත්වල ඔයා ගැන පළවෙන එක ගැන මොකද හිතන්නේ..?
මම එයාලා කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. මම පුද්ගලයෙක් විදිහට මම කැමති දේවල් කරන්නේ. මම කැමති විදිහටයි ජීවත්වෙන්නේ. කාටවත් ඕනෑ විදිහට ඒක වෙනස් කරන්න මම කැමති නැහැ. ඇත්තටම පත්තරවල ඕනෑ කරන විදිහට ජීවත් වෙන්න මම කොයිම වෙලාවේවත් සූදානම් නැහැ. හැබැයි සමහර නළු නිළියන් පත්තරවලට ඕනෑ කරන විදිහට ජීවත්වෙන අවස්ථා තියෙනවා. ඒත් මම එහෙම නැහැ.

පළමුවැනි පාරට ප්‍රසිද්ධ ස්ථානයකදි මිනිස්සු ඔයාව අඳුරගත්ත දවස මතකද..?

මට අවුරුදු දහතුනේදි තමයි මේ සිද්ධිය වුණේ. මම ඒ කාලේ  ද සුයිට් ලයිෆ් සැක් ඇන්ඩ් කෝඩ් කියන කතා මාලාවේ පොඩි කොටසකට විතරයි රඟපාලා හිටියේ. එක පාරම ගෑණු ළමයෙක් ඇවිත් මගෙන් සමරු සටහනක් ඉල්ලුවා. ඒ කාලේ මම ඒ ගැන දැනන් හිටියේ නැහැ. මම එයාට කොළයක මගේ සම්පූර්ණ නමම ලියලා දුන්නා.

ඔයාට ලැබුණ මුල්ම පඩියෙන් මොනවද කළේ..?
ඇත්තටම මම ඒ සල්ලිවලින් මුලින්ම කළේ ෆෝන් එකක් ගත්ත එකයි.

ගොඩක් අය ආදරය කරන තරුවක් වීම ගැන මොකද හිතන්නේ..?
යහපත් දේ වෙනුවෙන් මට හඬනගන්න ශක්තියක් තියෙනවා. ඒ වගේම මට ඒක මගේ ආත්ම අභිමානයට ලොකු හයියක්.

ඔයා අනුගමනය කරන චරිතයක් තියෙනවද..?
ඔව්, රේචල් මැක් ඇඩම්ස්ව මම ගොඩක් අනුගමනය කරනවා. එයාට මම ගොඩක් කැමතියි. එයා රඟපාන හැම චරිතයකටම එයා සාධාරණයක් ඉටුකරනවා. එයා ඒ චරිතයේ ජීවත්වෙමින් රංගනයේ යෙදෙනවා.

ඔයා වැඩියෙන්ම අඬන්නේ මොන වගේ දේවලටද..?
ගෙදර මතක්වෙන හැම වෙලාවෙම අඬන්න හිතෙනවා. මම ටෙක්සාස්වල පොඩි නගරයක ඉපදුණ කෙනෙක්. මම ඒ පරිසරයට ගොඩක් ආදරෙයි. ඒ පරිසරය නගරය වගේ දූෂණයවෙලා නැහැ. අනික මාර්ග තදබදය කියලා දෙයක් එහේ නැහැ. මගේ පවුලේ අය ජීවත්වෙන්නෙත් එහේ. එයාලා නිසයි අද මම මෙතැන ඉන්නේ. මම එයාලට ණය ගැතියි.

ඔයාගේ අයිපොඩ් එකට අන්තිමට ඩවුන්ලෝඩ් කළ සින්දුව මොකක්ද..?
ටේලර් ස්විෆ්ටිගේ ‘‘යු ආ නොට් සොරි“ සින්දුව.

ඔයා බලපු පළමුවැනි චිත්‍රපටය මොකක්ද..?
මට මතක විදිහට ඇලිස් ඇන්ඩ් ද වොන්ඩර්ලන්ඩ් සහ විසර්ඩ් ඔෆ් ද ඔස්. ඇත්තටම ජුඩි ගාලන්ඩ් නිසයි මට රඟපාන්න ආසාව ඇතිවුණේ.

නාන වෙලාවට කියන්න කැමති සින්දුව මොකක්ද..?
මැන්ඩ් මොරේගේ ක්‍රයි සහ වොක්ටු රිමෙම්බර් චිත්‍රපටයේ අයි ලව්ඩ් සින්දුවට කැමතියි. ඒ වගේම ශේන් වෙස්ට්ගේ සින්දුවලටත් කැමතියි.

ඔයා තනියෙම ඉඳිද්දි කරන්න කැමති දේ මොකක්ද..?
මම චිත්‍ර අඳින්න ගොඩක් කැමතියි. හැබැයි මට තියෙන වැඩ එක්ක චිත්‍ර  අඳින්න වෙලාවක් හොයාගන්න ගොඩක් අමාරුයි. ගෙදර ඉන්නකොට නම් ගොඩක් චිත්‍ර ඇන්දා.

මේ ලෝකේ මොනවාද වෙනස් වෙන්න ඕනේ කියලා හිතන්නේ..?
මාධ්‍ය මගින් ජනප්‍රිය පුද්ගලයන්ගේ ජීවිතවල කුණු හොයන එක නවත්වලා වෙනත් වැදගත් දෙයකට එයාලගේ කාලය වැයකරනවා නම් හොඳයි කියලා හිතනවා.

ඔයා සම්බන්ධයෙන් පැතිරිලා තියෙන වැරදි මතය මොකක්ද..?
අනේ ඇත්තටම එහෙම දෙයක් තාම පැතිරිලා ගිහිල්ලා නැහැ. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

 

උපුටා  ගැනීමකි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!