Gossip

සාමිමලේම කඳුලින් පුරවමින් පුංචි ඡන්දයේ කතිරය ලක්ෂිතගේ තරුණ ජීවිතය උදුරාගත් හැටි

බස් රථයක පාපුවරුවේ ගමන්ගත් තරුණයෙකු ඇදවැටී මියගිය සිද්ධියක් කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.
සිය පළමු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහායි මෙම 19 හැවිරිදි තරුණයා ගොස් තිබෙන්නේ.
සාමිමලේ ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත තේණුක පෙරේරා නැමති මෙම තරුණයාගේ මෘත ශරීරය මේ වන විට අවිස්සාවේල්ල මුලික රෝහලේ තැන්පත් කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල මුලික රෝහලේ දී සිදු කිරීමට නියමිත බව කිතුල්ගල පොලීසිය පවසනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!