Gossip

සමයං මැරුණ නිසා ගෝලයන් පාතලය අත හරී

පාතාල කල්ලි නායකයෙකු බව කියන සමයං නමැත්තා ජීවිතක්ෂයට පත්වීමත් සමග දැනට බන්ධනාගාරගත කර සිටින ඔහුගේ සමීපතමයන් දැඩි ලෙස කණස්සල්ලට පත්ව තිබෙනවා.

විවිධ පාතාල ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගැණුනු සමයංගේ හිතවතුන් විසි දෙනෙකු පමණ මේ වනවිට විවිධ බන්ධනාගාරවල රඳවා සිටින බවයි
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔවුන්ගෙන් දස දෙනෙකු පමණම රඳවා සිටින්නේ කළුතර බන්ධනාගාරයේ වන අතර තම සඟයා ඝාතනය වීම නිසා මින් ඉදිරියට සියලූ පාතාල ක‍්‍රියාකාරකම්වලින් මිදී යහපත් ජීවිතයකට එළඹීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් බන්ධනාගාර නිලධාරීන් සමඟ ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

නීතියෙන් නිදහසක් හිමි වුවහොත් තම දරුවන් සහ බිරින්දෑවරුන් සමඟ දුර බැහැර ප‍්‍රදේශයකට ගොස් හුදෙකලා ජීවිතයක් ගත කිරීමට තීරණය කර ඇති බව ඔවුන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!