Gossip

මිහිකත ඇති බලවත්ම තැන රුවන්වැලි මහා සෑයයි

cvrr

මෙම පෘථිවියේ පිහිටි බලවත්ම ස්ථානය දෙවියන් බඹුන් පවා තවම වඩින අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑය බව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්  විස්තර කර තිබෙනවා.

උන්වන්සේ මේ බව සඳහන් කර තිබෙන්නේ සති අන්ත පුවත්පතකටය.

උන් වහන්සේ ඒ බව මෙසේ කියා තිබෙනවා.

,හාමුදුරුවනේල මගේ ස්‌වාමියා මාව දාලා ගියාග මට කරගන්න දෙයක්‌ තිබ්බේ නැහැග ග මම ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට මගේ දුක
කිව්වා,  අම්ම කෙනෙක් දවසක් මට එහෙම කිව්වාග අම්මා ගෙදර ආවාට පස්‌සේ ස්‌වාමියා ගෙදර ඇවිල්ලා ඉන්නවා

ගහෙන් අතට කඩපු පොල් ගෙඩියක්‌ අරගෙන ගිහිල්ලාල චෛත්‍යය වන්දනා කරන්න ඕනේග මහ සෑයේ සතර මල් ආසනවලටම මල් පූජා කරලා පන්සිල් අරගෙනල සෑය වටේ තුන් වටයක්‌වත් තුන් සූත්‍රය කියලා පැදකුණු කරන්න ඕනේග ඊට පස්‌සේ අටානාටිය පිරිත ඇතුළු පිරිත් කියලාල තමන්ගේ ප්‍රශ්නය කියලා එයට විසඳුමක්‌ල සහනයක්‌ ඉල්ලලා අර පොල්ගෙඩිය මහා සෑ වහන්සේට පූජා කරලා තමන්ගේ ජීවිතය මහා සෑයට පූජා කරන්න ඕනේ

මේක ස්‌වේදගොන් බෞද්ධ විහාරයට බුරුමයේ බෞද්ධයෝ කරනවා මම දැකලා තියෙනවාග

එතැන තමයි සම්බුදු බලය පිහිටා තියෙන්නේග ද්‍රෝණයක්‌ පමණ ශාරීරික සම්බුද්ධ ධාතුන් වහන්සේලා එතැන තමයි වැඩ ඉන්නේග දස දහසක්‌ සක්‌වල වලින් නිතර නිතර දෙවියන් බඹුන්ල මාර්ග ඵලලාභීන් ස්‌වර්ණමාලි මහා සෑය වන්දනා කරන්න තාමත් එනවාග මේ පෘථිවිය මත තිබෙන පූජනීයම ස්‌ථානය එයයිග තිසරණය අවංකව අදහාගෙන මෙතැනට ගිහිල්ලාල කවුරු හරි යමක්‌ කියනවානම්ල මෙයා අවංක ද කියලා දෙවියෝ බලනවාග ඒ දේව බැල්මකින් බන්ධනල කොඩිවිණ කැපෙනවාග තමන්ගේ ජීවිතයේ ගැටලුවලට සහන ලැබෙනවාග ශාන්තිය උදාවෙනවා

ආර්ය සහ පෘථග්ජන බේදය මිනිස්‌සු දන්නේ නැහැග ආර්ය දෙවිවරු තමයි රුවන්වැලි සෑ බිමට වඩින්නේග අනික්‌ දෙවිවරු යම් ඉහළක සිට දේවල් දකිනවා ඇතිග ඒත් ආර්ය දෙවිවරුන්ගේ ආශීර්වාදය තමයි බලවත්ග ඒ බලවත් දේවාශිර්වාදය අපට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් රුවන්වැලි මහා සෑයෙන් තමයිග හැබැයි ඒ පිහිට ලබා ගන්න එයා යන්න ඕනේ කඩෙන් බඩු ගන්නවා වගේ නෙමෙයිග එයාට තිසරණ පන්සිල් සහිත ප්‍රතිපත්තියක්‌ තියෙන්න ඕනේග ඒ සමඟ එයාට පෙර ආත්මයේ පුණ්‍ය ශක්‌තිය තිබුණොත් වහා ප්‍රතිපල ලැබෙනවාග කර්ම විපාක හැටියට යමක්‌ තිබෙනවා නම්ල එය විඳින්න ඕනේග ඒකට තිබෙන සහනය තමයි ඉවසීම

ඔය එක එක දේවල් පස්‌සේ දුවන්නේ නැතුවල තිසරණය මත පිහිටා රුවන්වැලි සෑය වැඳීමෙන් මේ ජාතියට දියුණු වෙන්න පුළුවන්ග මේ ජාතිය වෙන දෙයක්‌ නොකර රුවන්වැලි මහා සෑය වැඳ වැඳ හිටියොත් ඒකම ඇති මේ ජාතියට නැඟීසිටින්න කියලාල මම කියන්නේ ඒ ප්‍රබලභාවය දන්න නිසා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!