Gossip

රසල්ට ආ අපූරු මංගල යෝජනාවට මැච් එක ඉවරවෙලා රසල් දුන්න ප්‍රතිචාරය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය අතරතුර සයිටම් විරෝධී පුවරු රැගත් සරසවි සිසුන්ට සමාජජාල ඔස්සේ දැඩි අප්‍රසාදයක් එල්ල වී ඇති අයුරු අප ඔබට වාර්තා කළා.

එමෙන්ම ක්‍රීඩා පිටියට පැමිණි තරුණියක් විසින් විස්තර විචාරයේ යෙදී සිටි රසල් ආර්නල්ඩ්ට විවාහ යෝජනාවක් ගෙන එන අයුරු දැක්වෙන පුවරුවක්ද ප්‍රදර්ශනය වුණා.

මෙය තරඟය අතර සජීවී විකාශයේද ප්‍රදර්ශනය වූ අතර රසල් එම අවස්ථාවේ සිනාසුනා.

කෙසේ නමුත් තරඟයෙන් අනතුරව සිය පවුලේ අය සමඟින් ඡායාරූපයක් ඔහුගේ ට්විටර් ගිණුමට එක් කරන්නට රසල් කටයුතු කර තිබුණු අතර එහි ඔහු සඳහන් කර තිබුනේ තවත් එක් තරඟයකින් පසුව පවුලේ අය සමඟින් එකතු වන්නට තමන්ට හැකි බවත් එය සොඳුරු අවස්ථාවක් වනු ඇති බවයි.

එම ඡායාරූපයට අදහස් පළ කරමින් රසික රසිකාවියන් රසල්ගෙන් විමසා ඇත්තේ මැච් එක අතර තරුණියක් විවාහ යෝජනාවක් ගෙන ආ නිසා මේ ඡායාරූපය ගිණුමට එක්කළාදැයි යනුවෙන් විහිළුවට ප්‍රශ්න කරමින්.

c8l-bmbxuaemyvl c8l7ycgxgaegpix rssss vr

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!