Gossip

“මේ දවස්වල නම් ඇය දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. මේ අපි දෙන්නගෙ පළවෙනි දරුවා.” – රොෂාන් පිලපිටිය

ජනප‍්‍රියත්වය හා දක්ෂතාවට එකම කාසියේ දෙපැත්තක් නම් රංගන ශිල්පියෙකුට පවතින්න මේ කාසියේ දෙපැත්තම තමන්ගේ නම ලියවෙන්න ඇවැසිමයි.
රොෂාන් පිලපිටිය කියන්නෙ එකී වාසනාව දරාගත් රංගන ශිල්පියෙක්.
මේ දවස්වල ටෙලි තිරයේ වැඩිම චරිත ප‍්‍රමාණයකින් දකින්න ලැබෙන ශිල්පීින් අතර ඉදිරියෙන් සිටින රොෂාන් යළි යළිත් තම දක්ෂතාවය තුළින් තම ජනප‍්‍රියත්වය ඉහළට රැගෙන යමින් හිඳිනවා.

රොෂාන් බොහොම කාර්යබහුල වෙලා නේද?
ඔව්. මේ දවස්වල නාට්‍ය කිහිපයකම රූගත කිරීම් යෙදිලා තියෙනව. වේදිකාවෙ අලූත් හොරෙක් ඕනෑ” සුදු හා කළු” වෙල්ලස්සේ වෙඩිහඬ යන වේදිකා නාට්‍යවල රඟපෑවත් මේ දවස්වල වේදිකා නාට්‍යවලට ලබාදී තියෙන දින නම් අවලංගු වෙලා.
තව කරපු චිත‍්‍රපට යම් ප‍්‍රමාණයක් තියෙනවා අන්තිමට රඟපෑවේ ටවුමේ ඉස්කෝලෙ.

අපේ රටේ කලාකරුවන්ට වෙන වෙන රැකියා කරන ගමන් කලාව කරන්න සිදුවෙලා තියෙන්නෙ ඇයි?
කලාවට අපේ රටේ ජාතික ප‍්‍රතිපත්තියක් නැහැ. වෘත්තීය මාධ්‍යවේදියෙක් නම් ඔහුට හැඳුනුම්පතක් තියෙනව” ලියාපදිංචි කිරීමක් තියෙනව. වෘත්තියක් වුණහම එහෙමනෙ. මේකෙ එහෙම දෙයක් නැහැ අපේ රටේ කලාව කියන්නෙ හිතේ හයියෙන් කරගෙන යන දෙයක් විතරයි.

කලාකරුවන්ට බැරිද මේ වැරැද්ද නිවැරදි කරන්න?
ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 71 එකක් වෙනව. මේ වෙනකම් රටේ කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියකට කලාව ඇතුළත් වෙලා නැහැ. විවිධ අය විවිධ අවස්ථාවල උත්සාහ කළා මේ තත්ත්වය වෙනස් කරන්න. හැබැයි අන්තිමට ඒ දේවල් ඡන්ද කාලෙට දෙන ඡන්ද පොරොන්දු විතරක් වෙලා යටපත් වුණා. මේක නිකං හුදකලාව විතරයි.

ඔබේ බිරිය රිද්මාත් අනාගතයේ රංගනයට එයිද?
මේ දවස්වල නම් ඇය දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. මේ අපි දෙන්නගෙ පළවෙනි දරුවා. මේ දවස්වල ඒ ගැන ගොඩක් සතුටෙන් බලාගෙන ඉන්නව. ඇයට රංගන හැකියාවක් තියෙනව අනාගතයේ ඇය රංගනයට එයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!