Gossip

මුෂ්ෆිකර් රහීම් ලංකාවට පෙන්නපු නයා ඉන්දියාවටත් පෙන්නයි – වීඩියෝ

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ඊයේ පැවැත්වුණු බංග්ලාදේශ ඉන්දියා තරගයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 176 ක් රැස් කළා.
නායක රෝහිත් ෂර්මා ලකුණු 89 ක් සහ රයිනා ලකුණු 47 ක් රැස් කළා.
පන්දු යැවීමේදී Rubel Hossain පන්දුවාර 4කදී ලකුණු 2 කට කඩුලු දෙකක් දවාගත්තා.
ලකුණු 177 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 159 ක් පමණයි.
තරගාවලියේ වැඩි කතාබහක් ඇතිකළ මුෂ්ෆිකර් රහීම් දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීම විශේෂත්වයක්.
මුෂ්ෆිකර් නොදැවී ලකුණු 72 ක් රැස්කිරීමට සමත්වුණා.
ඒ පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින්.
මේ අනුව නිදහස් කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.

තරගයේ සුවිශේෂි අවස්ථා පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!