Gossip

විදේශ කටයුතු ඇමති රවී කරුණානායක ඉල්ලා අස්වෙයි.? – තීරණය මෙන්න

රවී කරුණානායක අමාත්‍යවරයාට විදේශ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රජයේ ඉහළ පෙලේ පිරිස් පවසා ඇති බවට සඳහන් වාර්තා පසුගිය දිනවල පලවුණා.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන එ්මට සූදානමින් සිටින බවද ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඊට පෙර රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට සූදානම් බවයි අන්තර්ජාලය පුරාම පැතිර යන තොරතුරුවල සඳහන් වන්නේ.
එලෙස පැතිර යන පුවත්වල සත්‍යතාව දැනගැනීම සඳහා වෙබ් ගොසිප් අපි රවී කරුණානායක අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය සම්බන්ධ කරගත්තා.
ඔවුන් පැවසුවේ එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා රවී කරුණානායක මහතාට එවැනි තීරණයක් ගන්නා ලෙස පවසා නොමැති බවත්, අමාත්‍යවරයා එවැනි තීරණයක් ගෙන නොමැති බවත්ය විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!