Gossip

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ බව ඔහු සඳහන් කළා.

එහිදී රවී කරුණානායක පැවසුවේ “ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි.
සත්‍ය වසන් කිරීමට උත්සහ දැරුවද සත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කරන්නාට හිමිවනුයේ අන්ත පරාජයකි.
මගේ අරමුණ අවංකව සේවය කිරීමයි.

මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකෙන් හෝ කම්පාවෙන් නෙමෙයි.. ආඩම්බරයෙන්. මම මගේ තනතුර කැපකරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැපකරන්නේ මගේ පක්ෂයට ආදරය කරන මන්ත්‍රීවරුන් හා මගේ පාක්ෂිකයන් වෙනුවෙන්. මම මගේ තනතුර කැපකරන්නේ ශීලාචාර පාලනයක් වෙනුවෙන්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.. මේ තීරණය ගැන මම ආඩම්බර වෙනවා.” යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!