Gossip

රවීට හමුවුණු විදේශ කටයුතු අමාත්‍යාංශයට මීට පෙර අයත් නොවූ රාජකාරි රැසක් පැවරෙයි? ශ්‍රී ලංකන් ගුවන් සේවය,ජාතික ලොතරැයි මණ්ඩලයත් ඒ යටතට

කැබිනට් මණ්ඩලයේ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මේවනවිට විවිධ දේශපාලන පක්ෂ වගේම ජනතාවත් ඔවුන්ගේ මතයන් ඉදිරිපත් කරමින් සිටිනවා.

ඉතින් මේ වුණ සංශෝධනය අනුව රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍යාංශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට මාරුවීමට සිදුවුණා.

හැබැයි ආරංචි මාර්ගවලින් වාර්තාවෙන හැටියට විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නොවන වැඩ කිහිපයකුත් රවී කරුණානායක මහතාට පැවරිලා තියෙනවාලු.

ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලද රවී කරුණානායක මහතාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයද මෙම අමාත්‍යාංශයට අයත් වන අතර ජනාධිපතිවරයාගේ හා අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වෙනස් කිරීම් සිදුකර ඇති බවද දැනගන්නට ලැබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!