Gossip

අගමැති රංජන්ට කළ තරවටුව.. සම්පූර්ණ විස්තරය මෙන්න..

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගියදා මහා සංඝරත්නය පිළබදව මාධ්‍යට එක්කළ අදහස් මේ වන විට ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) එතුමාගේ අත්සනින් යුතු ලිපියක් රංජන් රාමනායක මහතා වෙත එවා තිබෙනවා. එතුමන් විශේෂයෙන්ම කියා තිබෙනවා තමන් පක්ෂ නායකයා වශයෙන් රංජන් රාමනායක ගේ ප්‍රකාශයන් තරයේ ම ප්‍රතික්ෂේප කරන බව.
එම ලිපිය හරහා අගමැති තුමා රංජන් මැතිතුමාට දන්වා තිබෙන්නේ ඔහු විසින් සංඝරත්නය පිළිබඳ දැක්වූ අදහස් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලිඛිතව 2019 ජූලි 21 පෙර තමන්ට ලැබෙන්න සලස්වන ලෙසයි.
ඒ වගේම රංජන් ඇමතිතුමා දැක්වූ අදහස් තම පක්ෂයේ සහ පක්ෂ නායකත්වයේ අදහස් සමග පරස්පර බවද අගමැති තුමා එම ලිපියේ තව දුරටත් දක්වා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!