Gossip

වේයන්ගොඩම හඬවා අවසන් ගමන් ගිය පුංචි මල් කැකුළ – Photos

ගම්පහ මහ රෝහලේ ඉඳන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුංචි මල් කැකුළක් අවසන් ගමන් ගිහින්.
මේ පුංචි දරුවගේ මව්පියන් කියන්නේ ගම්පහ රෝහලේදි දුන්නු ඖෂධයක් විෂ වීමෙන් මරණය සිදුවුණා කියලයි.
රමික දින්සන්ට තාම අවුරුදු තුනහමාරයි.
ඔවුන් පදිංචි වෙලා හිටියේ වේයන්ගොඩ මොට්ටුන්න පැත්තේ.
රමිකට මීට සති දෙකකට විතර කළින් වැළදුනු උණ රෝගයක් නිසා ගම්පහ රෝහලට ඇතුලත් කරලා.
රමිකගේ තාත්තා කියන්නේ ඖෂධ දුන්නට පස්සේ දරුවාට සිහි නැතිවුණා කියලයි.
පසුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දවස් දහයක් රමික ප්‍රතිකාර ලබමින් ඉඳලා පසුගිය 21 වැනිදා ජීවිතේ දාලා ගිහින්.
ලබන අවුරුද්දේ පෙර පාසල් යන්න හිටපු රමික ඊයේ වේයන්ගොඩම හඬවමින් අවසන් ගමන් ගියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!