Gossip

ආසියාවෙන් හොඳම ඇඟට රන් පදක්කම දිනූ පුෂ්පරාජ්ට තරඟ තහනමක් – පදක්කම පිලිගන්නත් බෑලු

ඊයේ (25) කොරියාවේදී නිමාවූ මිස්ටර් ඒෂියා කායවර්ධකයින්ගේ තරඟාවලියෙන් රන් පදක්කම දිනාගත් අපේ රටේ ක්‍රීඩකයෙකු වූ පුෂ්පරාජ්ගේ ජයග්‍රහණය නිල ජයග්‍රහණයක් නොවන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු ඇතුළු ඉහළ නිළධාරීන් පිරිසක් පවසා තිබෙනවා.

ඔවුන් පවසන්නේ පුෂ්පරාප් සහභාගී වී ඇත්තේ ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කර තිබූ තරඟයකට නොවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී පුෂ්පරාජ් විසින් රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට සහභාගී වී ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය එරෙහිව විවේචන එල්ල කිරීම හේතුවෙන් ඔහුව ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්ව ඇතැයිද එම සම්මේලනය විසින් පවසා තිබෙනවා.

අන්තර්ජාතික කායවර්ධන සම්මේලනයෙන් බිඳීගිය පාර්ශවයක් විසින් සංවිධාන කළ මෙම තරඟාවලියට නිල අනුමැතියක් හිමි නොවී තිබීම හේතුවෙන් පුෂ්පරාජ්ගේ ජයග්‍රහණය නිළ වශයෙන් පිළිගැනීම නීති විරෝධි බවයි ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය පවසා ඇත්තේ.

කෙසේ නමුත් පුෂ්පරාජ් සහභාගී වූ තරඟාවලිය සඳහා රටවල් 26ක ක්‍රීඩකයින් සහභාගී වී ඇති බවට වාර්තා වනවා. ඔහු එහිදී කිලෝග්‍රෑම් 100 බරපන්තියේ රන් පදක්කම හා බර පන්ති 8කින් සමන්විතව පැවති සමස්ථ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වුණා.

2014 වසරේ කොළඹදී පැවති ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරඟාවලියේදීද ඔහු රන් පදක්කම දිනාගැනීමට සමත්වූ අතර 2013දී ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයා ලෙසින් රන් පදක්කම් දිනාගැනීමටද පුෂ්පරාජ් සමත්වුණා.

  

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!