Gossip News

මෙතෙක් හිමි වූ දැවැන්තම ලොතරැයි ත්‍යාගය කෝටි 14 රත්නපුරේ ප්‍රියන්තට

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි
දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග මුදල හිමිවී ඇත්තේ ‘කෝටිපති කප්රුක’ ලොතරැයිපතටය.

ත්‍යාගය පිළිබඳ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කෙරිණි.

ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති විසිනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැරණිතම ලොතරැයිපතක් වන ශනිදා වාසනාව ලොතරැයියේ 3267 වන වාරයේ සුපිරි ජයමල්ල ද හත් කෝටි දාහහත් ලක්ෂයක මුදල දිනාගත් හොරණ ප්‍රදේශයේ ඩී.කේ. කුමාර ද චෙක්පත් ප්‍රදානය එදිනම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජයග්‍රාහි ලොතරැයි පත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොළඹ අලෙවි නියෝජිත ටී.එන්.එස්. කුමාර විසිනි.

අශිකා ජයවීර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!