Gossip

ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ මරණය ගැන, මරණ මංචකයේ සිට බුද්ධි අංශ නිලධාරියෙකු පාපොච්චාරණය කරයි

ඩයනා කුමරියගේ මරණය ගැන කාලෙන් කාලෙට විවිධ කතා කරළියට ආවා.
මේ හැම කතාවක්ම අලුත් කරමින් ඩයනාගේ මරණය ගැන ඇතිවූ සැකය දැන් තහවුරු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සැකකාර පුද්ගලයෙක් මරණ මංචකයේ සිට කළ පාපොච්චාරණයක් අනුවයි.
ඔහුගේ නම ජෝන් හොප්කින්ස්‌ය.
මොහු එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක හා බුද්ධිඅංශ අනු ආයතනයේ වසර 38 ක් සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියෙකි.
ලන්ඩන්හි රෝහලක ගිලන් ඇඳක වැතිරී තම ජීවිතයෙහි අවසන් දින කිහිපය ගතකරන ඔහු ‘ඩයනා කුමරියව මැරූ අයුරු’ පාපොච්චාරණය කර තිබෙනවා.
“මේ හැමදේම වුණේ ඉතා රහසිගතවයි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දේශපාලන ඝාතන කරන්න පත්කරලා තිබුණු නිලධාරීන් හත්දෙනකුගෙන් යුතු රහසිගත කණ්‌ඩායමේ මමත් එක්‌ සාමාජිකයෙක්‌.
එම ඝාතන සිදුකළ අය අතර බොහෝ අය දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකයන්.
මම ඝාතන සැලසුම් කළ අය අතර සිටි සුවිශේෂීම කෙනා ඩයනා කුමරිය.
මම කරපු ඝාතන අතරින් එකම කාන්තාව ඇයයි.
එකම රාජකීයයාත් ඇයයි. රජ පවුල විසින්ම ‘ඉවත් කර දැමිය යුතුයි’ කියලා තීරණය කරපු රාජකීයයාත් ඇයයි. මම ඒ ඝාතනය සැලසුම් කළේ හරිම වරදකාරී හැඟීමෙන්. දෙගිඩියාවෙන්.
ඇය ඉතාමත් කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක්. ඇගේ ජීවිතය නැතිකිරීම අපරාධයක්.ඒත් ඇයගෙන් බ්‍රිතාන්‍ය රජ පවුලටත් කිරීටයටත් තර්ජනයක්‌ එල්ල වෙලා තිබුණා.. ඒ නිසයි ඒ ඝාතනය කරන්න සිද්ද වුණේ.
ඩයනා කුමරිය ඕනෑවටත් වැඩියෙන් රජ පවුලේ රහස්‌ දැනගෙන හිටියා.
ඒ වගේම ඇය රජ පවුලත් සමඟ තිබූ අමනාපය නිසා ඒ රහස්‌ මාධ්‍යයට එළිකරන්නටත් බලාගෙන හිටියා.
ඇයව මරන්න ඕනේ කියලා මට මගේ ප්‍රධානියා කිව්වා. ඒ අණ ලැබුණේ පිලිප් කුමරුන්ගෙන්. ඒක සාමාන්‍ය රිය අනතුරක්‌ විදිහට කරන්න කියලයි අපිට කිව්වේ. මම මීට කළින් සාමාන්‍ය ගැහැණියක්වත් ඝාතනය කරලා තිබුණේ නැහැ. ඒත් මට ලැබුණු අණ ක්‍රියාත්මක කරන්න මම බැඳිලා හිටියා.
මම එය කළේ මගේ රට සහ රැජින වෙනුවෙන්..”
මේ පාපොච්චාරණය බොරුවක් කියලත් එය බ්‍රිතාන්‍ය රජ පවුලට එරෙහිව කරන කුමන්ත්‍රණයක්‌ බවද කියමින් මේ පුවත දැනටමත් වාරණය කෙරෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!