Life Style

ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ් හට රන් සම්මානයක්!

 

 

2006 වසරේ ආරම්භ කළ තොරතුරු තාක්ෂණ උපදේශන, සොෆ්ට් වෙයා ඩිවෙලොප්මන්ට් සේවා හා වීඩියෝ ප්‍රෙවික්ෂණ විසඳුම් ලබාදෙන ප්‍රමුඛයෙකු ලෙස නමක් දිනා සිටින ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ් (පී එම් එස් ) හට ජාත්‍යාන්තර තලයේ සුපිරි සමාගමක් වන ඇක්සිස් කමියුනිකේෂන්ස් වෙතින් සොලියුෂන් ගෝල්ඩ් (රන් සහකරු සහතික) සම්මානය දිනා ගැනීමට සමත් විය. එම සම්මාන සහතිකය ප්‍රදානය කිරීමේ උළෙල පසුගියදා කොළඹ දි පැවැත්වණු අතර ඇක්සිස් හි මාලදිවයින් හි හා ශ්‍රී ලංකා කළමනාකරු වන අකලංක විජේවර්ධන මහතා විසින් එම සම්මානය ප්‍රධානය කරන ලදී.

ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ් සොෆ්ට්වෙයා ඩිවෙලොප්මන්ට්, වීඩියෝ ප්‍රෙවික්ෂණය තොරතුරු තාක්ෂණ විසඳුම්, අති නවීන ඩිජිටල් තාක්ෂණය හරහා ලබාදෙන ආයතනයකි.

සම්මාන සහතිකය ප්‍රදානය කිරීමෙන් පසු විජේවර්ධන මහතා මෙසේ පැවසීය, ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් වෙත රන් සම්මානය ලබා දීමට හේතු වූයේ පී එම් එස් මෙම හවුල් ව්‍යාපාරය සඳහා අවැසි ප්‍රදර්ශනාගාර පහසුකම් සඳහා ආයෝජනය කිරීමත් එය ඇක්සිස් අනුමත කල හොඳම සේවක පිරිසක් සහිත ආයතනය වීමත් ඔවුන් වීඩියෝ ප්‍රෙවික්ෂණය සඳහා අති දක්ෂ කණ්ඩායමක් වීමත් නිසා බවත්ය. මෙය තව දුරටත් ස්ථාපිත කරමින් එම ආයතනය මෙම කලාපයේ ම ප්‍රවීණයන් බවත්, වෘත්තීයමය ලෙස ඉතා උසස් සේවාවක් සලසන පිරිසක් නිසාත් ශ්‍රී ලංකා පොලිසිය හා ගුවන් තොටුපොල සේවා සමාගම ඔවුන්ගේ සමාගමේ සේවය ලබාගැනීම තමනටද ගෞරවයක් බවද ඔහු තව දුරටත් පැවසීය.

zඅපගේ අති නවීන වීඩියෝ ප්‍රෙවික්ෂණ විසඳුම් හා උපකරණ අන් කිසිදු තාක්ෂණයන් ට වඩා ඉහලින් ඇති අතර තත්වය , ලබා ගැනීමේ පහසුව අතින්ද ඉහල ස්ථානයක සිටින බවද ඔහු පැවසීය .

සිංගප්පූරුෙවි ආයෝජනවක් වන ප්‍රීමා සමාගම් සමූහයේ අනුබද්ධ ආයතනයක් වන මෙරට ස්ථාපිත ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ් වසර 11 කට පමණ පෙර ආරම්භ වු අතර මේ අවස්තාව වන විට එම ආයතනය උසස් තත්වයේ වීඩියෝ ප්‍රෙවික්ෂණ විසඳුම් ලබාදෙන ආයතනයක් ලෙෂ නමක් දිනා ඇත

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රීමා සමාගම් සමූහයේ සාමාන්‍යාධිකාරී තන් ඛෙන්ග් චුආන් මහතා පැවසූයේ ලොව පුරා ගුවන් තොටුපොල පොලිසි ආරක්ෂණ ආයතන බැංකු සහ එවැනි අනෙකුත් ආයතන සියල්ල පාහේ එම ස්ථාන වල ආරක්ෂාව තර කිරීම සඳහා නවීන තාක්ෂණ විසඳුම් සේවා ලබා ගන්නා බවත් තම සමාගම ඒ සඳහා කැපවී සිටින බවත්ය.

පසුගිය වසරේ දී කොළඹ පැවැත්වණු ප්‍රථම වීඩියෝ ප්‍රෙවික්ෂණය සමුලූවේදී ශ්‍රී ලංකා පොලිසිය වෙත මොබයිල් වීඩියෝ ප්‍රෙවික්ෂණ සහිත රථයක් ප්‍රදානය කරන ලදී. අපගේ සේවා දැන් තව දුරටත් වර්ධනය වී ඇති අතර මෙම රන් සහකරු සහතික සම්මානය ලබා ගැනීමට හේතු වූයේද එම සේවයේ උසස් බව නිසා බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම සම්මානය ලැබීම තම අනාගත සේවා තව දුරටත් උසස් කරලීම සඳහා උපකාර වන බවත් චුආන් මහතා පැවසීය.
ඇක්සිස් කමියුනිකේෂන්ස් ආයතන ලොව පුරා තම තාතාක්ෂණ විසඳුම් සේවාලබා දෙන සහ නවීන තාක්ෂණය ව්‍යාප්ත කරමින් උසස් සේවා සැපයීම තව දුරටත් තීව්‍ර කරමින් සිටින සමාගමකි.

චුආන් මහතා පවසන්නේ තම ආයතන දෙක තුල ඇතිවූ මෙම නව සම්බන්ධතාවය නිසා තම ආයතනයේ ව්‍යාපාර කටයුතු වඩාත් දියුණු වනු ඇතැයි බලාපොරොත්තු වබ බවයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top