Gossip

වසර දෙකක ෆේස්බුක් පෙම නිසා දිවියෙන් සමුගත් ප්‍රභාගේ කතාව

ආදරය කියන්නේ නිරන්තරයෙන් හැමෝම හොයන දෙයක්. අම්මා තාත්තාගෙන් ලැබෙන ආදරයට පස්සේ පිටස්තර කෙනෙක්ගෙන් ලබන ආදරය වුණත් එහෙමමයි. හැබැයි ආදරය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි කියලා කතාවක් තියෙනවානේ.

මේ වෙනකොට තාක්ෂණය දියුණුයි. ෆේස්බුක් ඇසුරු කරන අයත් ඒත් එක්කම වැඩි වෙලානේ.

අපි ආදරය හොයන්න ඕන කොහොමද? මේ ආදරය කවදාවත් දැකපු නැති ෆේස්බුක් මගින් හමුවිය හැකිද? අපි මේ කියන්න යන්නේ එහෙම හමුවූ ආදරය නිසා සිය ජීවිතය අහිමි කරගත් තරුණියකගේ කතාවක් ගැන.

ෆේස්බුක් පෙම නිසා අවාසනාවන්ත ලෙස මියගිය මෙම තරුණිය ගැන වරකාපොල ප්‍ර දේශයෙන් අපට වාර්තා වනවා.

ප්‍රභා මල්ලිකා නැමැති 28 හැවිරිදි මෙම තරුණිය ෆේස්බුක් මගින් ඇතිකරගත් පෙම් සබඳතාවයකින් කලකිරී සිය නිවස තුළම සියදිවිනසාගෙන තිබුණා.

මියගිය තරුණියගේ වැඩිමල් සහෝදරිය විවාහ වී අලව්වේ පදිංචිව සිටින අතර පියා මසකට ආසන්න කාලයක සිට හෘදයාබාධයක් සම්බන්ධයෙන් වරකාපොල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇති අතර එම නිසා නිවසේ සිට ඇත්තේ මිය ගිය තරුණිය හා ඇගේ මව පමණයි.

මෙම තරුණිය වසර දෙකක පමණ කාලය සිට ෆේස්බුක් මගින් හදුනාගත් තරුණයකු සමග පෙම් සබදතාවයක් පවත්වා තිබෙනවා.

නිවසේ තනිව වාසය කල ඇයට ලගින්ම සිටි එකම හිතවතා වී ඇත්තේ ඇගේ මේ ෆේස්බුක් පෙම්වතායි.

කෙසේවෙතත් වසර දෙකක් පුරා මෙම තරුණිය ෆේස්බුක් තුලින් හදුනාගත් තරුණයා හා පෙම් කලත් කිසිදා ඔවුන් හමු වී කතා බහ කර තිබුණේ නැහැ.

පසුගිය(14) වෙනිදා මෙම වසර දෙකක් පුරා තිබුනු පෙම් සබදතාවය පිළිබදව කලකිරීම නිසා ඇය පිටු 6 ක් පුරාවටම තම ෆේස්බුක් ප්‍රේමය පිලිබඳව ලියා තබා ඇය ගෙල වැලලාගෙන තිබෙනවා.

ෆේස්බුක් තුලින් හදුනාගත් පෙම්වතියන් මුන ගැසීමට ගොස් විවිධ අපරාධවලට ගොදුරු වුනු තරුණයන් පිලිබදවද පසුගියදා දිගින් දිගටම තොරතුරු වාර්තා වුණු අතර ෆේස්බුක් යනු ඕනෑම පුද්ගලයකුට සිය සැබෑ අනන්‍යයතාවය සඟවාගෙන වෙනත් අයුරකින් පහසුවෙන් පෙනී සිටිය හැකි තැනක් බව සැවොම දන්නා කරුණකි.

එම නිසා ෆේස්බුක් සබදතා මගින් නාදුනන පුද්ගලයින් හා සිදුකරන සම්බන්ධ දුර දිග ගෙන යෑමට පෙර තව වරක් සිතුවානම් මෙවැනි දැඩි තීරණ නොගෙන ඉන්නට ඇයටත් තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!