Gossip

“වෛද්‍ය පරීක්ෂණයක් කරලා ආයේ ළමයව ගෙනත් දෙන්න” – පොලොන්නරුවේ දැරියකටත් පාසල තහනම් වෙයි

පාසල් තුළ දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල්නම් එතරම් සුලු දේවල් නෙවෙයි.

පසුගිය දිනක දැරියක් බඩගනින්නට වමනය කළ නිසා ඒ දැරියව ගැබිණියක් යැයි හංවඩු ගසා පාසල් තහනම් කළ පුවතක් ද අපි ඔබට වාර්තා කළා.

අපි මේ කියන්න යන්නේ ඒ වගේම තවත් කතාවක්.

පාසල තුළ අසභ්‍ය ලෙස හැසිරුණු බව පවසා පොලොන්නරුව හිඟුරක්දමන මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දැරියකට සති දෙකක පන්ති තහනමක් ලබදීමට එම විදුහලේ විදුහල්පතිවරයා කටයුතු කර තිබෙනවා. කොහොමවුනත් මෙම ශිෂ්‍යාව විදුහල්පතිවරයා විසින් කළ මෙමම චෝදනාව සහ ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය පවසා ඇත්තේ පසුගිය මස 19 වනදා පාසල් වේලාවෙන් පසුව පැවති අමතර නැටුම් පංතියකට සහභාගී වීම සඳහා ඇය පාසල තුළ රැඳී සිටි බවයි.

පසුගිය මස ඉකුත් 23 වෙනිදා මෙම විදුහල්පතිවරයා සිසුවිය සහ ඇගේ පියාව පාසලට කැඳවා ඇයට එරෙහිව ඇති චෝදනාවක් පිළිබඳව අසා තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය පැවසුවේ මෙවන් කතාවක්. “වෙන ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ස්කෝලේ ඉදල තියෙනවා. ඒකට ලොකු සර් කියන්නේ මම හිටියා කියලා ස්කෝලේ. මගෙන් විස්තර ඇහුවා.19 වෙනිදා කොහේද හිටියේ. ? මම කිව්වා නැටුම් පන්තියේ හිටියේ කියලා.තාත්තට කතා කරල කියලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණයක් කරලා ස්කෝලෙට ළමයව ගෙනත් දෙන්න. එතකොට භාර ගන්නම් කියලා.”

ශිෂ්‍යාවගේ මව්පියන් කියාසිටින්නේ තම දියණිය එලෙස හැසිරී නොමැති බැවින් වෛද්‍ය පරීක්ෂණයක් සිදු නොකල බවයි.

කොහොමවුනත් මෙම විදුහල්පතිවරයා පැසල තුල විනය පරීක්ෂණයක් පවත්වා ඇයට සති දෙකක පන්ති තහනමක් පනවා තිබෙනවා.

මේ සිදුවීමත් සමග දැරිය සහ පවුලේ සියලු දෙනා පසුවන්නේ දැඩි අපහසුතාවයකින් බවයි දැරියගේ මව පවසා සිටියේ. “පාරේ බැහැලා යන්න බැහැ. අපිටවත් ළමයටවත්.මිනිස්සු හිනාවෙනවා. ලබන මාසේ විභාගය. ළමයට ඒ මානසිකත්වයෙන් පාඩම් කරන්නත් බැහැ. හොඳට ඉගෙනගෙන ආවා ඒ සේරම ප්‍රේම සම්බන්ධ ලියුමක් හම්බවුණා කියලා නැති කළා ලොකු සර්.”

සිසුවියගේ මව මෙම චෝදනාව ගැන විදුහල්පතිවරයාගෙන් ඇසුවාම ඔහු පවසන්නේ විනය පරීක්ෂණයේදී ඇය සතුව තිබී ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව ලිපියක් හමුවීම නිසා මෙම තීරණය ගත් බවයි. ශිෂ්‍යාව මේ සම්බන්ධයෙන් පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයටද ලිඛිත පැමිණිල්ලක්ද කර තිබෙනවා.

කෙසේවෙතත් මෙවන් සිද්ධීන් දිගින් දිගටම අසන්නට දකින්නට ලැබීම කණගාටුවට කරුණකි. වරදක් කළ විට පාසලෙන් දඬුවම් කළ යුතුයි. එහෙත් මෙවැනි දඬුවම් ක්‍රම කිසිසේත්ම කිසිදු කෙනෙක් අනුමත කරන්නේ නැත. වෛද්‍ය පරීක්ෂණයක්වත් නොමැතිව ලිපියක් පමණක් තිබූ පමණින් අදාළ දැරියට මෙවන් දඬුවමක් ලබාදීම කෙතරම් සාධාරණද? පාසල්වල වගකිවයුතු පාර්ශවයන් මෙවැනි වගකීම් විරහිත තීරණ ගැනීමෙන් සිදුවන්නේ දරුවන්ගේ අධ්‍යාපනය අතරමග කඩාවැටීමක් පමණක් නේද? තීරණය ඔබ සතුයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!