Gossip News

අවුරුදු 12ක් සිරදඩුවම් විදලා, නිවසට පැමිණ තම සහොදරයාට පොල්ලකින් ගසා මරාදමලා. පොලිසියට භාරවෙලා

මිනීමැරුමකට වරදකරු වී අවුරුදු 12 ක සිරදඩුවම් විදිමින් සිට පොදුසමාව යටතේ පසුගිය නොවැම්බර් 30 වැනිදා සිරෙන් නිදහස්ව නිවසට පැමිණි සැකකරුවකු ඉකුත් 08 දා රාත‍්‍රියේ බහින්බස් වීමකින් පසුව තම සහෝදරයාට පොල්ලකින් පහරදී මරා දමා එදිනම තඹුත්තේගම පොලිසියට භාරවී ඇත.

තඹුත්තේගම ගම්මාන 7 පදිංචි අධිකාරි මුදියන්සේලාගේ ෂෙල්ටන් කුමාර (53) නමැත්තා සැකකරු වේ. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ තඹුත්තේගම ගම්මාන 7 පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ ප‍්‍රියන්ත කුමාර (37) නමැත්තාය. සිය මහගෙදර ඇදක් අසලදී සැකකරු තම සහෝදරයාට පොල්ලකින් පහර දී මරා දමා ඇත.

තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජේ. අතුකෝරාල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම අපරාධය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!