Gossip

“නියම පිරිමි ගතිය මම බිමල් අයියගෙන් දකිනවා ..දැන් බිමල් අයියට හා සමානව මම ඉසුරුටත් කැමතියි” – පියුමි බොතේජු – Exclusive

රසික හදවත් සිය රංගන හැකියාවෙන් වැළඳගත් ආදරණීය නිළියක් තමයි පියුමි බොතේජු කියන්නේ.
පියුමි මේ දවස්වල මොකද කරන්නේ..?
ඒ ගැන වගේම තවත් විස්තර දැනගන්න වෙබ් ගොසිප් අපි පියුමි බොතේජුට කතා කළා.

කොහොමද පියුමි මේ දවස්වල මොකද වෙන්නේ ?
මේ දවස්වල announcing පැත්ත වැඩිපුර කෙරෙනවා.
ඊට අමතරව හඩකැවීම් කටයුතුත් කරනවා .ඔය දෙකම අතරේ රගපාන එකත් කරනවා.

මොනවද අලුතින් පටන්ගත්ත වැඩ?
අලුතින් කියන්නේ මේ දවස්වල යන drama දෙකක් තියෙනවා.ඊට අමතරව අලුත්ම නාට්‍ය දෙකකට කතා කරලා තියෙනවා.ඒ දෙකේ නම් දැන්ම කියන්නේ නැතුව ඉන්නම් මොකද තාම වැඩ පටන් ගත්තේ නැති නිසා.

සිනමාවටද පුංචි තිරයටද නැත්තම් වේදිකාවට ද වැඩි කැමැත්ත ?
වේදිකාවට..වේදිකාව තමයි අපිට ඉගනගන්න තියෙන තැන.දැන් ඔය ප්‍රශ්නේදී මෙහෙම එකකුත් තියෙනවා.
ළමයි තුන්දෙනෙක් පෙන්නලා අම්මගෙන් වැඩිපුරම කාටද ආදරේ කියලා අහනවා වගේ එකක් තමයි ඔතන තියෙන්නේ. වේදිකාව අපට ඉගනගන්න තියෙන තැන,පුංචි තිරය අපිට ප්‍රේක්ෂකයා එක්ක නිතර ඉන්න තියෙන තැන,සිනමාව අපේ වැඩ පෙන්නන්න තියෙන තැන. වේදිකාවෙන් බොහෝ දෙවල් ඉගන ගන්න ලැබෙන එක ඉතින් හොඳ පන්නරයක් විදියට මම දකිනවා.

දේශපාලනයට නැඹුරුවක් තියෙනවද ?
දේශපාලනය කියන එක අපේ රටේ මම දන්නැ මෙච්චර cheap වෙලා තියෙන්නේ ඇයි කියලා.තමන්ගේ මතය ඉදිරිපත් කරන එක වෙනම දෙයක් නමුත් මේ තරම් ක‌ඩේ යාමක් මම දැකලා නැහැ. ලංකාවේ මෙච්චර තුට්ටු දෙකට දේශපාලනය වැටුණු එක ගැන තමයි දුක.ඉස්සර මින්ස්සු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා එනවා අඩුම තරමේ ගෙදර මිනිස්සුවත් දන්නෑ කාටද ඡන්දේ දැම්මේ කියලා. මම ඉතින් මම කැමති පක්ෂයට ඡන්දෙ දීලා එනවා මිසක් මම කාටවත් ප්‍රසිද්ධියෙ කඩේ යන එකක් කරන්නේ නැහැ.

පවුලේ විස්තර ටිකක් කිව්වොත් ?
මායි අයියලා තුන්දෙනයි අම්මි තාත්ති ඉන්නේ..මම හිතන්නේ සතුටින්ම ඉන්න family එක කිව්වොත් හරි මොකද අපි group එකකුත් හදලා තියෙනවා best family කියලා.මොකද ඔිනම දුකකදි සතුටකදි ඉස්සල්ලාම ඉන්නේ අපි කට්ටිය.අපේ පවුලට එකතු වෙච්ච අයත් එ වගේම තමයි.
හැමෝගෙන්ම එ එකමුතු කමට හොඳ සහයෝගයක් ලැබෙනවා.
පවුල් වලට අලුතින් එකතු වෙන අය එක්ක කැඩීම් බිදීම් ඇති වෙනවනේ නමුත් අපේ පවුලට අලුතින් එන හැම සාමාජිකයෙක් එක්කම හොඳ බැදියාවක් තියෙනවා.ඇත්තටම කියනවනම් ලෝකෙ තියෙන හොඳම family එක කියලා තමයි මට කියන්න තියෙන්නේ.

ප්‍රශ්නයක් ආවම,දුකක් කරදරයකදි කාටද ඉස්සෙල්ලම ඒ දේවල් කියන්නේ..
මගේනම් ඉතිම් හොඳම යාළුවා අම්මි. අම්මිත් එක්ක තමයි ගොඩක් වෙලාවට හැමදේම කතා කරන්නේ. ඊළගට මගේ දෙවැනි අම්මා වගේ ළගින්ම ඉන්නේ ජයනි සේනානයක. සාමාන්‍යයෙන් අම්මිට කතා කරලා ඉවර වෙලා දෙවැනියට කතා කරන්නේ එයාට තමයි.

ජීවිතේ වැඩියෙන්ම දුක් වුණු දවස කවද්ද?
සමහර මෝඩ තීරණ ගත්ත අවස්තාවල දුක්වෙලා තියෙනවා. මෙන්න මේ දවස කියලා නැහැ.ජීවිතේ ගත්ත සමහර මෝඩ තීරණත් එක්ක සිද්ධ වෙච්ච වෙනස්වීම වලට දුක්වෙලා තියෙනවා.

කලා ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කැමති නළුවා කවුද?
බිමල් ජයකොඩි

ඒ කෙනාට කැමති වෙන්න විශේශ හේතුවක් තියනවද..?

ඕනම චරිතයක් කරන්න පුළුන් වීම තමයි පළවෙනිම කැමැත්ත සහ නියම පිරිමි ගතිය මම බිමල් අයියගෙන් දකිනවා .කෙලින් වැඩ කරන පුද්ගලයෙක්. දැන් බිමල් අයියට හා සමානව මම ඉසුරුටත් කැමතී.

මනුස්සම නැති සමාජයක් අද බිහිවෙලා තියෙන්නේ.. ඒකට හේතුව ඔබ කොයි විදියටද දකින්නේ?
ඒක මම දකින්නේ ගේ ඇතුලෙන් ඇතිවෙන දෙවල් එක්ක. මිනිස්සු තමන්ගේ දෙමාපියන්ව අද පාරට ගෙනත් දන්නේ ඇයි. ඒගොල්ලෝ අරගත්ත දේවල් එක්ක තමයි එහෙම වෙලා තියෙන්නේ.දැන් මම හරිම ආදරෙන් සත්තු හදනවා.මොකද ඒ සත්තු දන්නවා කෙළෙහෙගුණ දක්වන්න මිනිස්සුන්ට වැඩිය.
මම දකින්නේ මූලික අධ්‍යාපනයේ ඉදළම මනුස්සකම හැදෙන්න ඔින. දැන් තියෙන්නේ තරඟයක්. මම එහා ගෙදර එක්කෙනාට වැඩිය ලොකු කාර් එකක් පඳින් ඔින ,මම එහා ගෙදර එක්කෙනාට වැඩිය ලොකු ගෙයක් හදන්න ඔින. එහෙම තැනකට අද සමාජය පත්වෙලා තියෙනවා. ඉගනගැනීමේ ඉදළම මිනිසුන්ගේ තියෙන්නේ තරඟයක්. මගේ නෑයාට වැඩිය මම ලකුණු ගන්න ඔින කියලා හිතන එක තමයි මම හිතන්නේ වැරදීම. දෙමාපියන්ගේ ඉදලම හැදෙන්න ඔින කියන එක තමයි මනුස්සකම.

සමාජයට දෙන්න මොකක්හරි පණිවිඩයක් හරි උපදේශයක් හරි තියෙනවද?

අපි හිතමු තමන්ගේ වාහනේට බල්ලෙක් පෙනි පෙනී හැප්පෙන්න යනවනම් සමහර මිනිස්සු එක සතපහකට ගණන් ගන්නැන්නැහැ
. මේ බල්ලෙක්නේ කියනවානේ. හැබැයි ඒත් ජීවිතයක්.සමහර විට එ බල්ලා යන්නේ තමන්ගේ පැටවුන්ට කැම හොයන්න වෙන්න පුළුවන්.පොඩ්ඩක් හරි මනුස්සකම කියනදේ අපේ ජීවිත වලට එකතු කරගන්න පුළුවන්නම් මීට වැඩිය මේ රට ගෙඩක් ලස්සන වෙයි.

අලුත් දේකට අතගහන්න අදහසක් නැද්ද ව්‍යාපරයකට වගේ?
අනේ දෙයියනේ මගෙ හිත හොඳ වැඩී. සාමාන්‍යයෙන් හිතහොඳ වැඩි අයට ඔිවා කරන්න බෑ කියලා අහලා තියෙනවා නේද. ඒ හින්දා මම හිතන්නේ මම මැරෙනකන් කලාවේ දේවල් කරයි.කලාව ඇතුලෙත් මම බෙදිලා ගිහින් තියෙනවා නේ එක එක පැතිවලට ඒ හින්දා මම හිතනවා මම මැරෙනකන් කලාව තමයි කරනනේ කියලා .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!