Gossip

පේෂල මනෝජ් නිවේදිකාවක් එක්ක පැටලිලාද?

1

ලිට්ල් ස්ටාර් තව සීසන් එකක් ඉවර වුණානේ. විනිශ්චයකාරවරයෙක් විදියට අත්දැකීම කොහොමද?

හොඳයි. විනිශ්චයකාරයෙක් කියන්නේ බැනුම් අහන චරිතයක්නේ. පොඩි පොඩි කතා කිව්වා කට්ටිය. එච්චරටම අවුලක් නැහැ.

වැඩිපුර අහලා තියෙන්නේ බැනුම් වගේ?

බැනුම් අහනවා ඇරෙන්න හොඳක් කියන්නේ නැහැනේ. පන්සලකට දානයක් දුන්නත් සමහරු බනිනවා. තත්ත්වය ඕකනේ.

ලිට්ල් ස්ටාර් නවතම වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ පුටුවක් පේෂල වෙනුවෙන් ආයෙත් වෙන් වෙයිද?

ඒක දන්නේ නැහැ ඉතින්.

පේෂල බයිට් කරන නිසා චැම්පියන් ස්ටාර් වැඩසටහනට එන්න සමහරු බයයිලු නේද?
මම එහෙම කට්ටියව බයිට් කරන්නේ නැහැ. ඒක හරිම ෆන් එකේ යන වැඩසටහනක්. එහෙම කවුරුත් මට බය වෙන්න වුවමනාවක් නැහැ.

වේදිකාව උඩ කරන වැඩ කථිකාචාර්ය තනතුරට ගැළපෙනවද?

මම කථිකාචාර්යවරයෙක් වෙන්නේ යුනිවසිටි එකට විතරයි. මම යුනිවසිටි එකට ගිහින් ළමයි ඉස්සරහ වේදිකා උඩ හැසිරෙන විදියට හැසිරෙන්නේ නැහැ. තනතුරේ ගෞරවය රකින්න ඕන තැන්වලදී මම මගේ තනතුරේ ගෞරවය රකිනවා. එළියට බැස්සම මම කථිකාචාර්යවරයෙක් නෙවෙයි. මම පාරේ යන්නේ වාහනේ එළවන්නේ මම කථිකාචාර්යවරයෙක් කියලා හිතාගෙන නෙවෙයි. පාරේ ඉරි කපලා පොලිසියෙන් දඩ ගහද්දි මගේ තනතුර එතැනට අදාළ වෙන්නේ නැහැනේ. වේදිකාව උඩදි මම එන්ටර්ටේනර් කෙනෙක්. එච්චරයි.

පේෂල ගැන කාලෙන් කාලෙට කතා මැවෙනවනේ. ඔන්න දැන් පේෂල දෙරණේ නිවේදිකාවක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගෙන කියලා කතා ඇහෙනවා. මොකක්ද ඇත්ත නැත්ත කියලා පේෂලම කියමු.කා එක්කද?ඒ ගැන තමයි අහන්නේ?

මගේ? ප්‍රේම සම්බන්ධයක්. බොරු කතාවක් අනේ.

පේෂල දෙරණටම විතරක් සීමාවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

මෙහෙමයි ඉතින්. මම දෙරණේ ස්ථිරවම වැඩ කරන කෙනෙක් නෙවෙයි. අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කවුරු හරි එක ආයතනයක් එක්ක දිගටම වැඩ කරනවා නම් ඒ ආයතනයටම අයිති කරවනවා. මට නම් එහෙම දෙයක් නැහැ.

අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු මොනවද?

මේ අවුරුද්ද තනිකරම සංගීත වැඩත් එක්ක ගෙවන්න හිතාගෙන ඉන්න අවුරුද්දක්. මේ අවුරුද්දේ නම් මියුසික් වැඩ ටිකක් නොවෙයි ගොඩක් කරන්න හිතාගෙන ඉන්නේ. ෆියුෂන් සී.ඩී. එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා.

මේ අවුරුද්දේවත් තනිකඩ ජීවිතේට තිතක් වැටෙයිද?

මේ ඉන්න ජීවිතේ හොඳයි අනේ. අම්මා විතරක් අහනවා කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ, කීයටද එන්නේ කියලා. ලෙඩ දාන්න, ගෝරි දාන්න වෙන කවුරුත්ම නැහැ.

– මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!