Gossip

ශ්‍රීමහා බෝධිය අසල කපල් යන අමුතු උයන මෙන්න

පාක්‌ එක විවෘත කපල්වලට විතරයි… හෝටල් කාමරවල වෙන දේ එළිමහන් පඳුරුවල අගේට කෙරෙනවා…  පෙම්වතුන්ගේ අනඟ රැඟුම් වීඩියෝ කරන්න පඳුරුවල රහස්‌ කැමරා…

ළමා ළපටිත් සමඟ ගොස්‌ විනෝද වීමට අපේ රටේ උද්‍යාන තිබේ. කොළඹ විහාරමහා දේවී උද්‍යානය, නුවර වේල්ස්‌ පාක්‌, නුවරඑළිය ගාඩ්න්, ගම්පොළ ගාඩ්න්, මාතලේ නගර උද්‍යානය මෙරට ප්‍රධාන උද්‍යානවලින් කිහිපයකි. ඊට අමතරව පේරාදෙණිය, හක්‌ගල සහ හම්බන්තොට උද්භිද උද්‍යාන ද පවුල් පිටින් ගොස්‌

විනෝද වීමට හැකි සුන්දර ස්‌ථානය. එමෙන්ම කිරිසප්පයාගේ සිට මහල්ලා දක්‌වා ඕනෑම වයස්‌ කාණ්‌ඩයක පුද්ගලයකුට මේ උද්‍යානවල දොරටු විවෘතය. එහෙත් අනුරාධපුර පූජා නගරයේ පිවිසුම් දොරටුව ආසන්නයේ මල්වතු ඔය අද්දර තිබෙන උද්‍යානය පෙර කී උද්‍යානවලට වඩා හාත්පසින් වෙනස්‌ය. හරිම අමුතුය. ඒ උද්‍යානයට ඇතුළුවීමට අවසර ඇත්තේ තරුණ, තරුණියන්ට පමණි. ජෝඩුවලට නම් වයස්‌ සීමාවක්‌ නැත. හැට පැන්න මහලු ජෝඩුවකට වුවද ඒ උද්‍යානයේ දොරටුව විවෘතය.

n8 3

පසුගිය දිනක සිරිමා බෝධිය වඳින්න ගොස්‌ එන අතරමඟදී මේ අමුතු උද්‍යානයේ සිරි නරඹන්නට මට ද සිතිණි. මම උද්‍යානයේ විසල් දොරටුව අසලට ගියෙමි. දොරටුපල්ලාගේ විමසුම් ඇස මගේ දෙපතුළේ සිට හිස්‌මුදුනට යනතෙක්‌ දිව ගියේය.

දෙන්නෙක්‌ ඉන්නවද…? දොරටු පල්ලාගෙන් මට පැනයකි.

‘නෑ… මම විතරයි…’

‘එහෙම නම් බෑ. පාක්‌ එකට ඇතුළු වෙන්න දෙන්නෙක්‌ ඉන්න ඕනෑ…’ බකුසු මුහුණ තවමත් මා දෙසට තියුණු බැල්මකය.

පසුව මම ගමන් සගයා ද කැටුව ගොස්‌ උද්‍යානයට ඇතුළුවීමට දොරටු පල්ලාගෙන් අවසර පත්‍රයක්‌ ඉල්ලා සිටියෙමි.

‘ටිකට්‌ එකක්‌ දෙසිය පනහයි…’ නොරිස්‌සුම් ස්‌වරයෙන් ඔහු අපට වචනවලින් දමා ගැසූ ගානය.

n8 4

ටිකට්‌පත් දෙකක්‌ මිලට ගෙන අපි විසල් දොරටුවෙන් පහළට පියගැට පෙළ බැස්‌සෙමු. පියගැට පෙළ අවසානය කොන්ක්‍රීට්‌ ගල් ඇල්ලූ මංතීරුව ලඳු කැලෑ දෙබෑ කරමින් ඈතට විහිදේ. අවට සොබාසිරිය විඳිමින් අපි සෙමෙන් ඉදිරියට පිය මැන්නෙමු.

මඟ දෙපස කැලෑ රොදවල් අතරින් මතු වන සියොතුන්ගේ ගී නාදය හදවත් ඒකාත්මික කරන සංගීතයක්‌ බඳුය. මල්වතුඔය දෙසින් හමන සිසිල් සුළඟ සියොළඟම කිතිකවමින් ගහකොළවල වැදී බිඳී යයි. ඉලුක්‌ පඳුරු, බට පඳුරු සහ විවිධාකාර ශාකවලින් පිරුණු උද්‍යානය ද හරිත පැහැයෙන් දිළිණි. එහෙත් මේ උද්‍යානයේ මල් පඳුරු ඇස නොගැටෙන තරම්ය. එමෙන්ම මඟ දෙපස ඇති ඒ කැලෑ පඳුරු හරි අපූරුවට කූඩාරම් සේ සකස්‌ කර, සෙවණ යට බංකු සකස්‌ කර ඇති අයුරු ද පෙනේ. කැලෑ රොදවල් අතරින් ඇස ගැටෙන ඒ එකදු බංකුවක්‌වත් හිස්‌ නැත. සියලු බංකු පෙම්වතුන්ගෙන් පිරී ගොස්‌ය. තව, තවත් අපි ඉදිරියට පියවර මැන්නෙමු.

n8 1

අතරමඟ මුණගැසෙන බොහෝ දෙනා බෑග් මලු කරේ එල්ලාගත් තරුණ ජෝඩුය. විවිධ ටිකට්‌ පොත් අතින් ගත් තරුණයන් දෙතුන්දෙනෙක්‌ ඇස නොගැටෙන්න එළිපිට ගමන් කරන පිරිමි දෙදෙනෙක්‌ සිටියා නම් ඒ අප දෙදෙනා පමණි. කැලෑ පඳුරු අතර සැඟ වී පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නරඹමින් කාලකණ්‌ණි වින්දනයක්‌ ලබන පිරිමි බාග මේ උද්‍යානයේ ඕනෑතරම්ය. එහෙත් මේ මොහොත් එවැනි පිරිමි පරාණ අපගේ දෙනෙත්හි නොගැටිණි. ඇස ගැටෙන සෑම කැලෑ රොදකම ආදරයෙන් වෙලුණු පෙම්වතුන් පමණි. මේ නම් පෙම්වතුන්ගේ රාජධානියකි. මේ ප්‍රේම පාරාදීසයේ පෙම් සුව විඳින ප්‍රේමනීය දෙනෙත් සමඟ නිමේෂයකටවත් අපගේ දෙනෙත් නොගැටිණි. සොර සතුරෙක්‌ පැමිණ ඔවුන්ගේ බඩු භාණ්‌ඩ සොරාගෙන ගියද ඔවුන්ට නිච්චියක්‌ නැති ගානය. ඔවුහු එතරම්ම ප්‍රේමාලිංගනයෙන් උමතුවට පත්ව සිටිති. ඇඳුම්, පැළඳුම් පොත්පත් සියල්ල විසිරි තිබියදී ඔවුන්ගේ ශරීර කූඩු පමණක්‌ එක මිටට ප්‍රේමයෙන් බැඳී තිබිණි.

”අද සෙනසුරාදා නේ. ගොඩක්‌ම ඉන්නේ පන්ති එන ළමයි. දෙමවුපියෝ පොළොව තඩි ගහලා මේ ළමයින්ව ටියුෂන් එවනවා. ළමයි පඳුරු අස්‌සේ රිංගනවා…” අපගේ ගමන් සගයා පහත් ස්‌වරයෙන් සුසුමක්‌ පිට කළේය.

ඔහුගේ කතාව සැබෑය. පෙම්වතුන්ට තුරුලු වී සිටින මේ දැරිවියන්ගේ මවුවරු මේ විගඩම් දුටුවහොත් මාතෘත්වයේ සප්ත මහා ගංගා එක්‌ මුව දොරකින් මුහුදට ගලන්නාක්‌ සේ ළය පැළී යන වේදනාවෙන් ඉකිබිඳිණු නියතය. දිගු හීන කතාන්දර කෙටි අකුණු පහර මත මියෑදෙන බව පෙම්වතුන්ට තුරුලු වී සිටින විසේකාර ගැටිස්‌සියන්ට නොතේරේ. තේරුම් යන විට ඔවුන්ගේ වටිනා වස්‌තූන් නැති වී හමාරය.

”පේනව නේද… පඳුරක්‌ යටට ගියාට පස්‌සෙ ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ. පඳුරු අයින්වල වැටිලා තියෙන ඉටි බෑග්වලින් ඒ බව හොඳින් පැහැදිළි වෙනවා නේ… මේ පාක්‌ එක හවස පහ වෙනකම් ඕපන්. පාක්‌ එකේ ගෙට්‌ටුව වැහුවට පස්‌සෙත් ජෝඩු එහෙං මෙහෙං රිංගනවා. ඇඳිරි වැටෙනකොට රිංගන්නේ වැඩ ඇරිලා යන තාත්තලා, අම්මලා. සමහර අමාරුකාරයො ටවුන් එකේ ඩීල් වෙන උන් දක්‌කගෙන එනවා… ගමන් සගයාගේ මුවට අගුළු වැටිණි. ඔහුගේ දෙනෙත් කැලෑව පීරගෙන පඳුරකට වහං වෙච්ච බංකුව මතට දිව යන අයුරු මම දුටිමි.

”දැක්‌කද අතන ඉන්න කපල් එක. ගෑනි කලටියක්‌. කොල්ලට දහඅටකවත් පෙනුම නෑ. මුන් දෙන්න මෙතැනට ඇවිත් ඉන්නේ පෙම්බස්‌ දොඩන්න නෙමෙයි නේ. මේ විදිහේ කපල් ඕනතරම් මේ කැලේ පඳුරුවල ඇති. මෙතැන අඩු මුදලකින් වැඩි වැඩක්‌ කර ගන්න පුළුවන් තැනක්‌. සමහර කපල් කෙළින්ම එන්නේ රූම් එකකදි කරන වැඩේ කරගන්න. මෙතැනදී ආතල් එකක්‌ ගන්න අතර එහා පැත්තේ බංකුවේ කපල් එක කරන දේවලුත් බලන්න පුළුවන්. කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ව මේ වගේ තැනකට ගේන්නේ ලව් කරන්න නෙමෙයි, ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න. කෙල්ලෙකුට, කොල්ලෙකුට ගිහිල්ලා කතා කර, කර ඉන්න ඕන තරම් මේ ටවුමේ තැන් තියෙනවා. සම්පූර්ණයෙන්ම කොල්ලට වරද පටවන්නත් බෑ. එන කෙල්ලොත් දැනගන්න ඕනෑ. සමහර කොල්ලො අපිත් එක්‌ක කියනවා කෙල්ලො කතා කරන්නේම ….. පාක්‌ එකට යන්න කියලා. සෙනසුරාදා, ඉරිදා උදේ පාන්දරට පාක්‌ එකට රිංගුවට පස්‌සෙ යන්නේ ඇඳිරි වැටෙනකොට. කෑම, බීම අරගෙන එන්නේ. ඔය ගමේ, ගොඩේ කෙල්ලො මෙතැන ඇත්ත කතාව දන්නෙ නෑ. උන් හිතන්නේ පඳුරක්‌ ඇතුළට ගියාට පස්‌සේ ලෝකයෙන්ම වහං වුණා කියලා. කොල්ලට තුරුලු වෙලා ඇඟ රත්වෙනකොට කෙල්ල දන්නේම නැතිව ඇඳගෙන ඉන්න ඇඳුම් හැළෙනවා. ඒවා බලලා ආතල් ගන්න බැල්මට්‌ලා ගඟ අයින දිගේ මඩ කාගෙන පාක්‌ එකට බඩ ගානවා…”

”මෑතකදී මරු සිද්ධියක්‌ වුණා. මල්වතුඔය එහා ඉවුරේ ගම්මානයේ ගෙදරක වැඩකට මේසන් බාස්‌ කෙනෙක්‌ ඇවිත්. මිනිහා වැඩ කරලා දවාලට කාලා මුත්‍රා කරන්න කියලා ගඟ පහළට ගිහිල්ලා. පැයක්‌ විතර ගිහිල්ලත් මිනිහා ආවේ නැතිලු. මේ දවස්‌වල ඔයෙත් වතුර අඩුයි, කිඹුල්ලුත් වැඩිපුර ගැවසෙන නිසා ගෙදර මිනිස්‌සු කලබල වෙලා බාස්‌ව හොයන්න අරගෙන. බාස්‌ගේ ගෝලයයි, ගෙදර මිනිස්‌සුයි ගිනි පත්තුවෙලා බාස්‌ව හොයලා. ඒත් හොයාගන්න බැරි වෙලා. ඒ වෙනකොට ගමේ අහල, පහල ගෙවල්වල උදවියත් බාස්‌ව හොයන්න එකතු වෙලා. ගං ඉවුර පීර, පීර බාස්‌ව හොයන අතරේ කෙනෙක්‌ නිකමට වගේ ගස්‌ උඩ විපරම් කරලා. බැලින්නම් බාස්‌ උස ගහක අත්තක්‌ උඩට වෙලා පාක්‌ එකේ ඉන්න පෙම්වතුන්ගේ රැඟුම් බලමින් ස්‌වයං වින්දනයක යෙදෙනවා දැකලා. පස්‌සේ ගම්වැසියො එකතු වෙලා බාස්‌ට හොඳට ගහලා ගමෙනුත් එළවා දාලා. බාස්‌ට ගහපු අය අතරත් මල්වතුඔය තරණය කරලා පාක්‌ එකේ පඳුරු අස්‌සේ රිංගගෙන ආතල් ගන්න උන් ඉඳලා තියෙනවා. ඒත් බාස්‌ කරපු වරද ඉදිරියේ උන් සුදනෝ…”

”ටවුන් එකේ සමහර කොල්ලො තුන්හතර දෙනා එකතු වෙලා පාරෙන් පැනලා ඇවිත් කපල්වලට ටිකට්‌පොත් විකුණනවා. උන් එන්නේ ගංජා ගහලා, නැති නම් කුඩු ගහලා. අහිසංක කොල්ලන්ව, කෙල්ලන්ව බය කරලා ටිකට්‌ විකුණනවා. කොල්ලව බය කරලා කෙල්ලව අත, පත ගාන අවස්‌ථාත් තියෙනවා. ඒ වෙලාවට කොල්ලා අසරණයි. ඔය අතර ‘අපි පොලිසියෙන්… සීඅයිඩී එකෙන්…’ කියලා කපල්වලින් කප්පම් ගන්න පිරිසකුත් ඉන්නවා. මේ මෑතකදි කොල්ලො සෙට්‌ එකක්‌ ආතල් එකට පොලිසියෙන් කියලා ගිහිල්ලා අයිඩින්ටි කාඩ් එකතු කරලා ඒ විස්‌තර මත කෙල්ලටයි, කොල්ලටයි කියලා ලියුම් දෙකක්‌ ලියවගෙන දිනයක්‌ කියලා අම්මා, තාත්තා එක්‌ක පොලිසියට වරෙල්ලා නැති නම් මේ විස්‌තර මත නඩු දානවා කියලා බය කරලා තිබුණා. සමහර පොඩි කෙල්ලො ලියුම් ලියනකොට ඇඟිලි වේව්ලලා. ඒ කියපු දිනයට අම්මලා එක්‌ක පොලිසියට ඇවිත් තිබුණා කෙල්ලොත් ඉඳලා තිබුණා…”

”මෙතැන වෙන භයානකම සිද්ධිය තමයි, සමහර කොල්ලො සෙට්‌ මේ පඳුරු අස්‌සේ රහස්‌ කැමරා ගහලා තියෙනවා. තව සමහර කොල්ලො හැංගිලා ෆෝන්වලින් වීඩියෝ කරනවා. එහෙම වීඩියෝ කරන සමහර උන් සීන් තුන, හතර එකතු කරලා සීඩී ගහලා විකුණනවා. නැති නම් නිල් වෙබ්සයිට්‌වලට විකුණනවා. මදාවි කාලකණ්‌ණි කොල්ලො පඳුරු අස්‌සේ හිටිය කෙල්ලව මීට්‌ වෙලා වීඩියෝ එක පෙන්නලා බය කරනවා. කෙල්ලට ගෙදරට කියන්නත් බෑ. කොල්ලට කිව්වත් වැඩක්‌ නෑ. අන්තිමේ කෙල්ල අර කොල්ලො කියන දේවල්වලට කැමැති වෙනවා. අර කොල්ලො වීඩියෝ එක පෙන්න, පෙන්න කෙල්ලව නටවනවා. ඒ කෙල්ල හරහා උන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නවා. එක දවසක්‌ නෙමෙයි සති ගණන්, මාස ගණන් කෙල්ලව තැන්, තැන්වලට ගෙනියනවා. ඊට පස්‌සේ සමහර කොල්ලො ඒ කෙල්ලව තව අයටත් විකුණනවා. කෙල්ලගේ ජීවිතේම ඉවරයි. පහුගිය කාලේ ඒ වගේ සිද්ධි කිහිපයක්‌ම ලීක්‌ වුණා. පොලිසියටත් ගියා. මාධ්‍යයෙත් පළ වුණා. අන්තිමේ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපනයත් ඉවරයි. යාළු කොල්ලත් නෑ. ගෑනියෙක්‌ වෙලා ගෙදරට කොටු වෙනවා. දෙමවුපියො ගමේ නෝන්ජල් කොල්ලෙක්‌ හොයලා බන්දලා දානවා. සමහර කෙල්ලො මොකක්‌හරි ජොබ් එකක්‌ හොයාගෙන යනවා. ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නෑ කියලා හිතලා හොඳට මඟුල් නටනවා. මේ උද්‍යානයට ඇවිල්ලා එහෙම වෙච්ච අසරණ කෙල්ලො ඕන තරම් මේ අනුරාධපුරේ ඉන්නවා. සමහර කොල්ලො කෙල්ලව හොඳට ආරක්‍ෂා කරනවා. ප්‍රශ්නයක්‌ ආවත් දාලා යන්නේ නෑ. ගොඩක්‌ම කොල්ලො එහෙම නෑ. ඕන වැඩ ටික කරගෙන සීරුවට මාරු වෙනවා. මේක මහා අසභ්‍ය උද්‍යානයක්‌. උද්‍යානය වටේට තියෙන්නෙ පන්සල් තුනක්‌. මේක ශාසනයටත් කරන අගෞරවයක්‌. අනිවාර්යයෙන්ම මේක නතර කරන්න ඕනෑ…” අපගේ ගමන් සගයා විස්‌තරාත්මකව කතාව පැහැදිළි කරමින් සිටියේය.

අනුරාධපුර මහ නගර සභාවට අයත් භූමි භාගයක කරගෙන යන අසභ්‍ය ගුබ්බෑයම ගැන තව බොහෝ දේ ඔහු අපට කියන්නට ලෑස්‌තිය. එහෙත් පෙම්වතුන්ගේ අනඟ රැඟුම් මැද කාලය ගත වනවා අපට නොතේරිණි. ඒ වන විටත් කිලෝ මීටර් එකහමාරකට වැඩි දුරක්‌ අපි ඇවිදගෙන ගොස්‌ සිටියෙමු. මල්වතු ඔයට මායිම් වූ බිම් තීරුව අක්‌කර පහකට වැඩිය. උද්‍යානයේ පිටුපස කෙළවරේ දොරටුවක්‌ තිබේ. එහෙත් දැන් එම දොරටුව විවෘත නොවේ. අපි ආපසු හැරුණෙමු. මළ හිරු බැස ගොස්‌ය. නවසඳ මෝදු වීමට හෝරාවකට අඩු කාලයකි. අපි ඒ උමතු ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණියෙමු.

අනුරාධපුරය යනු බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය පිහිටි නගරයකි. දෙස්‌, විදෙස්‌ බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් නිතර සංචාරය කරන නගරයකි. එමෙන්ම උතුරුමැද පළාතේ ප්‍රධාන නගරයයි. එහෙයින් අනුරාධපුරයට එන මිනිසුන්ට විනෝදවීමට සහ නිදහසේ කාලය ගත කිරීමට මල් සුවඳින් පිරුණු හරිත උද්‍යාන නිර්මාණය කිරීමේ වරදක්‌ නැත. අනුරාධපුර මුළු නගරයම හරිත උයනක්‌ ලෙස අලංකරණය විය යුතු බව සැබෑය. එහෙත් එම උද්‍යාන විනයානුකූලව නිර්මාණය විය යුතුය. දෙමවුපියන්ට තම දරුවන් සමඟ පැමිණ විනෝද විය හැකි පිරිසිදු ස්‌ථාන විය යුතුය. එසේ නොමැතිව කාම ගින්නෙන් දැවෙන පෙම්වතුන්ට සහ සලෙලුන්ට පහත් ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට ඇවැසි එළිමහන් රති පිටියක්‌ නොවිය යුතුය.

සිරිමා බෝධිය පෙනෙන දුරින්, ශුද්ධ භූමිය අපවිත්‍ර කරන අනුරාධපුර ‘එළිමහන් රති පිටිය’ ආරක්‍ෂාවට රටේ මුලසුන හොබවන ප්‍රබල දේශපාලනඥයන් සීරුවෙන් සිටින බව සැබෑය. එහෙත් මේ උද්‍යානය තුළ සිදු වන අවලම් වැඩ නතර විය යුතුය. මේ සම්බන්ධයෙන් ඊටත් වඩා ඉහළ බලධාරීන් ක්‍රියාත්මක වන තෙක්‌ අපි බලා සිටිමු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!