තරු හුට පට

පැරිසියේ සපත්තු විරෝධය

 

climate30n-2-web

කාලගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා නිසි පියවර ගන්නා ලෙස ලෝක නායකයන්ට බල කරන්න ලොව පුරා පෙළපාලි සංවිධානය කරලා. මේ විරෝධතා සංවිධානය කර ඇත්තේ කාලගුණ විපර්යාස පිළිබඳ ලෝක සමුළුවක් අද පැරිසියේ දී ආරම්භ වන නිසයි.

පැරිසියට පසුගිය දා එල්ල වූ ප්‍රහාරය නිසා පෙළපාලි තහනම් කර තිබෙනවා. ඒත් විරෝධතා සඳහා තම සහභාගිත්වය සංකේතවත් කිරීම සඳහා ඉහත කී සමුළුව පැවැත්වීමට නියමිත ශාලාව ඉදිරිපිට පාවහන් විසිදහසක් පමණ ගලවා දමලා තියෙනවා.

මෙම “පාවහන් විරෝධය” සංවිධානය කළ ක්‍රියාධාරිනියක පවසා ඇත්තේ කාලගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා මීට වඩා වැඩි යමක් කරන්නැයි ප්‍රංශ රජයට බල කිරීම සඳහා ලක්ෂ හතරකට වැඩි පිරිසක් පැරිසියට ඒකරාශී වීමට සැලසුම් කර තිබු බවයි. ඒ අනූව මෙවැනි විරෝධතා ලන්ඩන්, නිව්යෝක්, රියෝ ද ජෙනිරෝ සහ මෙක්සිකෝ යන ස්ථාන වලත් පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!